මෙම මාර්ගෝපදේශ මාලාව එළිදැක්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ,
පසුගිය වසර කිහිපය නිරීක්ෂණය කිරීමේ දී අපට බොහොම පැහැදිලිව පෙනෙන කාරණයක් තමයි ශ්‍රී ලංකාවේ අනෙකුත් කාලසීමාවන්ට සාපේක්ෂව විශේෂයෙන්ම අලුත් අවුරුදු කාලසීමාවන් වලදී ශ්‍රී ලංකාවේ අනතුරු සම්බන්ධයෙන් රෝහල් ගතවීම් පිලිබද නිරීක්ෂණය කිරීමේදී අනෙකුත් කාල සීමාවන්ට සාපේක්ෂව විශේෂයෙන්ම අලුත් අවුරුදු කාල සීමාවේ දී එම සතිය තුලදී රෝහල් ගත් වීම් සෑහෙන් වැඩිවෙනවා.එම අලුත් අවුරුදු සතිය තුලදී මරණ සංඛ්‍යාව මෙන්ම විශාල ලෙස අනතුරුත් වැඩිවෙලා තියෙනවා. ඒක ඉතාම පැහැදිලි කාරණයක් ඒ නිසාම අපට වගකීමක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යංශය විදිහටත් අනෙකුත් ඒ කටයුතු කරන හා සම්බන්ධ ආයතනත්, පොලිස් දෙපාර්තුමේනතුවත් ජනතාවගෙන් ආයාචනයක් කරන්න බොහෝම ආදරයෙන් සහ ගෞරවයෙන් ඔබගේ ආරක්ෂාව පිලිබද සැලකිලිමත් වෙන්න කියලා.
අලුත් අවුරුදු සමයේ දී ඔබගේ ආරක්ෂාව සලසා ගන්නේ කෙසේද යන්න පිළිබදව , මේ කාලය තුලදී අපි දැකලා තියෙනවා. ක්‍රීඩා සම්බන්ධ කටයුතු වලට සම්බන්ධ වෙලා විශාල පිරිසක් අපහසුතාවයට, අනතුරට, පත් වෙලා මරණත් අවාසනාවන්ත ලෙස වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා එම ක්‍රීඩා තරඟ වලට සම්භන්ධ වීමේ දී අපි මාර්ගෝපදේශන මාලාවක් අපි එළදක්වනවා. ඒහා සමබන්ධයෙන්ම මේවා සංවිධානය කරන ආයතන හෝ පුද්ගලයන් විසින් පිලිපැදිය යුතු ඒ නිසා. ඒවාට අනුගත වෙලා කටයුතු කලොත් අපිට පුළුවන් විශේෂයෙන්ම මේ අලුත් අවරුදු සමයේ දී ඇති වන අවාසනාවන්ත මරණ තත්වයන් ඒ වගේම විශාල ලෙස සිදුවන රෝහල් ගත වීම් අපිට වලක්වා ගන්න පුළුවන් නම් ඒක සෑම කෙනෙකුටම වැදලත් කාරණයක්. ඒ නිසා ඒ පිළිබදව අපි මේ සෑම කෙනෙකුටම මේ කාලය තුලදී අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
මේ අනතුරු හරහා සතියකට වාර්තා වෙන මරණ සංඛ්‍යාව 2015,2016,2017 යන වසර වල සැලකුවොත් වසරකට 31-42 ක් සහ 49 ක් වශයෙන් තමයි තියෙන්නනේ. හැබැයි අලුත් අවුරුදු කාලාසීමාවන් වලදී 2015 වසරේදී අනෙකුත් සති වලට සාපේක්ෂව මරණ 5 ක් වැඩි වෙලා තියෙනවා. 2016 වසරේදී මරණ ආසන්න වශයෙන් මරණ 17 ක් වැඩිවෙලා තියෙනවා. සතියකට 42 ක් වන සාමාන්‍ය මරණ ප්‍රමාණය 59 දක්වා වැඩි වෙලා තියෙනවා. 2014 වසරේ දී නම් 49 ක් වෙච්ච මරණ සංඛ්‍යාව අලුත් අවරුදු සතියේ දී 71 බවට වැඩි වෙලා තියෙනවා. ඒක විශාල වැඩි විමක් ආසන්න වශයෙන් එම සතිය තුලදී රටේ සාමන්‍ය තත්වයට වඩා අවම වශයෙන් මරණ 10 ක් 15 ක් සමහර වර්ෂ වලදී මරණ 30 ක් 40 ක් වැඩි වෙලා තියෙනවා. මේ අනතුරු ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ මාර්ග අශ්‍රිතව. මාර්ග ආශ්‍රිතව සිදු වන අනතුරු බිමත්ව රිය පැදවීම, අනාරක්ෂිතව රිය පැදවීම, ආරක්ෂක උපාංග සීටි බෙල්ට් ආදිය නොපැලදීම යන ආදී දේවල් නිසා විශාල වශයෙන් මාර්ග අනතුරු සිදු වෙනවා.
ඒ වගේම නිවස තුලදී ඇති වන අනතුරු, පිපිරීම් ආදී අනතුරු නිසා ජීවිත නැතිවෙනවා. එහිදී නිවෙස් තුලදීත්, ගමනා ගමනය කිරීමේදීත්, උත්සව, සැණකෙලි පැවත්වීමේදීත් විශාල ප්‍රමාණක් රෝහල් ගතවීම් සිදු වෙනවා. මරණ වැඩි වෙනවා වගේම ඉතා ඉහල මට්ටමකට මේ සතිය තුලදී රෝහල් ගත වීමත් විශාල ලෙස වැඩිවෙලා තියෙනවා. උදාහරණයක් ලෙස 2019 වසරේදී සාමාන්‍ය සතියක රෝහල් ගත වීමේ අනතුරු 24,838 මට්ටටමක් වාර්තා වෙලා තියෙනවා. නමුත් මේ අවුරුදු සතිය තුලදී 28,725 ක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් 5000 ක පිරිසක් අනෙකුත් සතිවලට සාපේක්ෂව වැඩිපුර රෝහල් ගත වෙනවා. 2021 වසරේ නම් 13063 ක තමයි රෝහල් ගත වීම තියෙන්නේ සතියකට. අලුත් අවුරුදු සතියේ දී 20059 ක් දක්වා 7000 ක ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. මේ නිසා විවිධ අනතුරු වලට ගොදුරු වන ප්‍රමාණයත් වැඩියි. ඒ පුපුරණ ද්‍රව්‍ය නිසා හෝ වේවා. මාර්ග අනතුරු නිසා හෝ වේවා විශාල ප්‍රමාණයක් රෝහල් ගත වීම් සිදු වෙනවා. අර්ධ කාලීන හා පුර්ණ කාලීන ආබාධ වලට ලක් වෙන්න පුලුවන්, ජීවිත පවා නැතිවෙන්න පුළුවන්. යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
මෙම විශේෂ මාධ්‍ය හමුවේදී රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පෙලිස්පති ඉන්දික හපුගොඩ, සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග , බෝනොවන රෝග අංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් , දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් ලියනගේ යන මහත්ම මහත්මීන්ද අදහස් දැක්වූහ.