තිරසර වැවිලි ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය පෞද්ගලික ජනතා හවුල්කාරිත්ව වැඩ සටහන නමින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ තේ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත්, ජාත්‍යන්තර වෙළෙඳපල ඉළක්ක කර ගනිමින් පිළිගත් ප්‍රමිතිකරණයකින් යුක්තව තේ නිෂ්පාදනය කිරීමත් මෙම අන්තර් සහයෝගිතා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ මුලික අරමුණයි.
විශේෂයෙන් තේ වියලීම සඳහා වසරකට දර මෙට්‍රික් ටොන් 560,000ක් අවශ්‍ය වන අතර ඒ සඳහා වසරකට ගස් ලක්ෂ 15ක් කපා දැමීමට සිදුවන බැවින් තේ නිෂ්පාදනයේ දී පාරිසරික හානියක් සිදු නොවන අයුරින් දර ලබා ගැනීම හා ඊට විකල්ප ක්‍රියාත්මක කිරීම මෙම ජාතික රාමුව තුළින් හඳුන්වා දී ඇත. මෙම දර අවශ්‍යතාවය සඳහා වැවිලි සමාගම් සතුව සීමිත වන වගා ප්‍රමාණයක් පැවතියත් තේ නිෂ්පාදනය කරන සමාගම්වලින් සියයට 65කට තවමත් ස්ථිර වන වගාවන් නොමැත. තවමත් ඔවුන් දර ලබා ගන්නේ බාහිර පාර්ශ්ව වලිනි.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ තේ වගාවේ ප්‍රගමණය සඳහා රාජ්‍ය හා පුද්ගලික අංශය මෙන්ම මහජන සහයෝගිතාවයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩ සටහන නිසා ශ්‍රී ලංකාවේ තේවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රැකගැනීමට හැකිවන බව ද සඳහන් කළේය.
එමෙන්ම සිලෝන් ටී නාමය ආරක්ෂා කර ගැනීමට නම් හැකිතරම් ප්‍රතික්ෂේපිත තේ නිෂ්පාදනය පහළට ගෙන ආ යුතුය. ඒ සඳහා ක්‍රියාත්මක කළ B- 60 ප්‍රතිපත්තිය අනිවාර්ය කිරීම සිදු කර ඇති අතර එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකරන්නේ නම් අදාල සමාගම් සඳහා නිකුත් කර ඇති බලපත් අහෝසි කිරීම ලංකා තේ මණ්ඩලයේ වගකීමක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
නෙලාගන්නා තේ දළුවලින් අඩු තරමින් සියයට 60ක්වත් උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යාම අදාල තේ කර්මාන්ත ශාලා විසින් සිදු කළ යුතුය. එසේ නොකරන්නේ නම් ශ්‍රී ලංකාවේ තේ සඳහා අන්තර්ජාතිකව ඇති ඉල්ලුම ද පරිහානියට ලක්ව අවසානයේ මෙම කර්මාන්තය කඩා වැටීමට ඉඩ ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම තේ කර්මාන්තය පාරිසරික හිතැති වගාවක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා අමාත්‍යාංශයේ ඉල්ලීම මත Ethical Tea Partnership සංවිධානයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වනරෝපා ඩීවෝට්ස් ආයතනය විසින් සකස් කරන ලද ශ්‍රී ලාංකීය තේ කර්මාන්තය සඳහා ජාතික තිරසර ජෛව ස්කන්ධ වගාව හා මූලාශ්‍ර සහතික කිරීමේ ජාතික රාමුව පිළිබඳ වාර්තාව ද මෙම අවස්ථාවේ දී බාරදෙනු ලැබීය.