මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුබෝවිල ශික්ෂණ රෝහලේ රෝගී ප්‍රතිකාර සේවා සෞඛ්‍ය ලේකම්වරයාගේ නිරීක්ෂණයට ලක්වේ

    අප්‍රේල් 08, 2024

    සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පසුගියදා  (06) කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත වෙන ලදි.

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත  රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව හා ඉහල පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කරගෙන රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලා කඩිනම් විසදුම් ලබාදෙමින්  ගුණාත්මක හා විධිමත් සුව සත්කාර සේවාවක් ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇති  විශේෂ වැඩපිලිවෙලට සමගාමීව සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රමුඛ අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදි.

    මෙම නිරීක්ෂණයේ දී රෝහල් වත්මන් රෝගී ප්‍රතිකාර සේවාවන් පිළිබද කරුණු සොයා බැලු සෞඛ්‍ය ලේකම්වරයා ඇතුලු නිලධාරින් පිරිස රෝහලේ මානව හා භෞතික සම්පත් පිළිබදව ද අවධානය යොමු කරන ලදි.

    ඒ අනුව රෝහලේ සුළු ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රුපියල් මිලියන 100 ක මුදලක් සහ අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 100 ක් වශයෙන් රුපියල් මිලියන 200 ක මුදලක් ලබාදීමට ද තීරණය කෙරුනි. තවද රෝහලේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු වලට අදාලව මුලික සැළසුම් සකස් කර කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද රෝහල් පාලන අධිකාරිය වෙත උපදෙස් ලබාදෙන ලදි

     

    මෙම අවස්ථාවට කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරිකා කිරිවන්දෙණිය මහත්මිය ඇතුලු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය මණ්ඩල එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya