මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල - කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කර සියවසක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු උත්සවයක්

    අප්‍රේල් 07, 2024
    බදුල්ල - කොළඹ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කර සියවසක් සපිරීම නිමිත්තෙන් ඌව පළාත් සංචාරක මණ්ඩලය සහ  දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද විශේෂ සමරු උත්සවය සහ සංස්කෘතික වැඩසටහන ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දුම්රිය ස්ථානයේදී පැවැත්විණි.
    කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන ලද දුංහිද ඔඩිසි දුම්රිය සහ සියවස් සමරු උත්සවය වෙනුවෙන් විශේෂයෙන් ධාවනය කරන ලද වයිස්රෝයි දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයට ළඟා වීමෙන් අනතුරුව සමරු උත්සවය ආරම්භ විය. වැඩසටහනට සමගාමීව සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන්ම ආරම්භ කරන ලද " කැලිප්සෝ" විශේෂ සංචාරක දුම්රියේ මංගල ගමන් වාරයද බදුල්ල සිට දෙමෝදර දක්වා සිදුකෙරිණි.
    බදුල්ල දුම්රිය ස්ථානයේ දී පැවති සමරු උත්සවයේදී තැපැල් දෙපාර්තමේන්තුව මගින් "බදුල්ල දුම්රිය මග සියවස" විශේෂ සමරු මුද්දරය සහ මුල්දින කවරය එළිදැක්වීම සිදුවිය. රු.25ක වටිනාකමකින් යුතු මෙම මුද්දරය ඉසුරු චතුරංග මහතා විසින් නිර්මාණය කර තිබේ.
     බදුලු දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් සාරංගි රත්නායක විසින් රචනා කරන ලද " ආරුක්කු අන්දරය " කෘතිය ද මෙහිදී අමාත්‍යවරයා ප්‍රමුඛ අරාධිතයින් වෙත පිරිනැමීම සිදු විය.
    උඩරට පහතරට සංස්කෘතිකාංග ඇතුළු ප්‍රාසාංගික අංග රැසකින්ද සමරු උත්සවය වර්ණවත් විය.
     වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,නිවාස හා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා,ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම  මහත්මිය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් මහතා, ඌව පළාත් සංචාරක අමාත්‍යංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා, . දුම්රිය සාමාන්‍යධිකාරී එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය  නිලධාරීන්, ප්‍රදේශීය දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම සමරු වැඩසටහනට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya