නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශය පරදවමින් ටෙස්ට් තරඟාවලිය 2-0ක් ලෙස ජයගනී

    අප්‍රේල් 03, 2024

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසාන ටෙස්ට් තරගය ලකුණු 192 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(03) සමත් විය.


    කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය ලමු නිමට සියලු දෙනා දැවී ලකුණු 531 ක් රැස් කිරීමට සමත් වුණා.

    පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 93 ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 92 ක්, දිමුත් කරුණාරත්න ලකුණ 86 ක්, ධනංජය ද සිල්වා ලකුණු 70 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 59 ක් ලබා ගත්තා.

    ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 178 ක් පමණයි. පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Zakir Hasan ලකුණු 54 ක් හා Mominul Haque ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් වුණා.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

    ඒ අනුව ශ්‍රී  බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 353 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිළ කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

    පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56 ක්, නිෂාන් මදුෂංක ලකුණු 34 ක් හා ප්‍රභාත් ජයසූරිය ලකුණු 28 ක් ලබා ගැනීමට සමත් වුණා.

    දෙවන ඉනිමට ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට ලකුණු 511 ඉලක්කයක් හිමිවූ අතර තැඟයේ අවසන් දිනය වූ අද(03) දිනයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 318ක් පමණි.

    ඒ අනුව දෙවන ටෙස්ට් තරඟය ලකුණු 192කින් ජයගත් ශ්‍රී ලංකා පිළ තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය ද 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය. කමිඳු මෙන්ඩිස් දෙවන තරඟයේ වීරයා මෙන්ම තරඟාවලියේ වීරයා ලෙස ද නම් කෙරිණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya