ජේතවනාරාම ස්තූපයේ පිපිරුම්වල වර්තමාන තත්ත්වය පිළිබඳව ජේතවනාරාම ස්තූපයේ සලපතල මළුවේ ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සකස් කළ වාර්තාවලට අනුව ස්තූපයේ පෙර පැවති පිපිරුම්වල අගයන් හා සැසදීමේදී විශාල වෙනසක් සිදු වී නොමැති බවත්, ස්තූපය පිලිබඳ නිරීක්ෂණ කටයුතු සංස්කෘතික අමාත්‍යංශය ,මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අත්හැර නොමැති බවත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා එහිදී කිවේය.
2023 වසරේ සිට මේ දක්වා කාලය තුළදී පිපිරුම් වර්ධයන මීටර් දශම දෙකක් වන අතර මේ වන විට පිපිරුම් ප්‍රසාරණය වීම නැවතීමට ලක් වී ඇති බවත්, 2016 සිට 2020 දක්වා මීටර් 12 ක් හා 2020 සිට 2023 දක්වා මීටර් 9 ක පැල්මේ වර්ධනයක් සිදු වී ඇති බවත්, ස්තූපයේ නිරීක්ෂණය සඳහා පත් කළ විද්වත් කමිටු සාමාජික පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කුෂාන් විජේසුන්දර මහතා එහිදී පැවසීය.
ස්තූපය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් 2016 සිට මේ වන තෙක් කෙටිකාලීන පියවර ලෙස දාගැබේ සියලුම පිපිරුම්වල බදාමයක් යොදා සීල් කර ඇති අතර, පිපිරුම් ප්‍රසාරණය වීම පාලනය කිරීමට ගතයුතු දිගුකාලීන පිළියම් යොදා ඇති බවත්, එහිදී ගර්භය තුළට ජලය කාන්දු වීමේ වේගය අඩාල කිරීම කලයුතු බවත් විද්වත් කමිටු සාමාජික පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කේ.ඩී. සමිත් බුද්ධික මහතා සඳහන් කළේය.
එසේම ඉදිරියට පැමිණෙන වර්ෂා කාලය සහ වර්ෂාව නොමැති කාලය තුළ දී ලබාගන්නා දත්තවලට අනුව මෙම ස්වභාවය වෙනස් විය හැකි බවද සමිත් බුද්ධික මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම විද්වත් කමිටුව ශ්‍රී ලාංකේය පිරිසකගෙන් සැඳුම් ලත් කමිටුවක් වන අතර ඔවුන් ස්වේච්ඡාවෙන් ස්තූපයේ පරීක්ෂණ කටයුතු සිදු කරයි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ. ඒ. ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, විද්වත් කමිටු සාමාජිකවරු වන මධ්‍යම සංස්කෘතික අරමුදල හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය නිමල් ද සිල්වා, මධ්‍යම සංස්කෘතික අරමුදල ඉංජිනේරු උපදේශක රෝහණ ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.