ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇහැළේපොළ වලව්ව ශ්‍රි දළදා මාළිගාව වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය

    අප්‍රේල් 02, 2024

    ඇහැළේපොල වලව්ව හා ඊට අයත් භූමිය පුජා ඔප්පුවක් මගින් ශ්‍රි දළදා මාළිගාව වෙත පවරාදීම පිනිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

    2024.02.19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්ව්මේදී ගනු ලැබ ඇති තීරණයක් පරිදි,ඇහැළේපොල වලව්ව ශ්‍රි දළදා මාළිගාව වෙත පවරාදීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබේ.

    ඒ අනුව ඉදිරිපත් කර ඇති වාර්තා මගින් ඇහැළේපොල පවුල ප්‍රමුඛකර ගනිමින් වසර සිය ගණනකට එපිට පැවැති මහනුවර රාජධානියේ ශ්‍රි විභූතිය හා එම පරිසර පසුබිම නිරූපණය වන අයුරින් මෙම ගොඩනැගිල්ල තුළ ඉටි රූප කෞතුකාගාරයක් පිහිටුවීමටත්,එමගින් එම ඉතිහාසය පිළිබඳ තොරතුරු වර්තමාන ජන සමාජය වෙත ආකර්ෂණය ඇති කිරිමට හා දේශීය , විදේශිය සංචාරක ආකර්ෂණය ඇති කිරිමත් අරමුණු කර ගනිමින් ශ්‍රි දළදා මාලිගාව විසින් ඇහැළේපොල වලව්ව ආශ්‍රිතව ව්‍යාපෘතියක් සකස් කරනු ලැබ ඇත.එබැවින් අදාළ ගොඩනැගිල්ල ශ්‍රි දළදා මාළිගාව වෙත පවරාදීම  සුදුසු බවට නිර්දේශ කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya