මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක 4ක අස්වැ­සුම නොලැබූ සැමට අවු­රු­ද්දට පෙර ප්‍රතිලාභ ලබා දෙනවා - මුදල් රාජ්‍ය ඇමති

    අප්‍රේල් 02, 2024

    කෑගල්ල , නුවරඑළිය , බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක 04 හි අස්වැසුම ප්‍රතිලාභ යටතේ රු . 2500 දීමනාව ලැබීමට හිමිකම් ලැබූවන්ට ගැටලු කිහිපයක් නිසා මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණද , එම ප්‍රතිලාභීන් සියලු දෙනාට සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    එහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම දිස්ත්‍රික්කවල අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අඩු ලකුණු ප්‍රමාණයක් හිමි විශාල පිරිසක්ද ලේඛන වලට ඇතුළත් වීම නිසා එම දිස්ත්‍රික්ක වලට හිමි කෝටාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගතව තිබූ බවයි.

    කෙසේ වෙතත් අප්‍රේල් මස මුල් සතිය තුළ මෙම ගැටලු සියල්ල නිවැරදි කර රු. 2500 දීමනාවට හිමිකම් කියන , එහෙත් අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම ආරම්භ කළ 2023 ජූලි මස සිට මේ දක්වා එම ප්‍රතිලාභ නොලැබූ සියලු දෙනාට ද හිමි හිඟ මුදල් සමඟ එම ප්‍රතිලාභ ලබාදීමට අස්වැසුම ප්‍රතිලාභ මණ්ඩලය පසුගිය සතියේ තමා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟතාවය පල කළ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
    එම ගෙවීම් වලින් අනතුරුව අස්වැසුම ප්‍රතිලාභ හිමි සියළු දෙනාටම, එම දීමනා ගැටළුවකින් තොරව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද හෙතෙම පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya