මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකතට පැළ රෝපණය සඳහා පලතුරු පැළ බෙදා දෙයි

    අප්‍රේල් 02, 2024

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සිට්ටුව අනුව යමින් ජාතික පැළ සිටුවීමේ නැකත මෙවර අප්‍රේල් මස 18 දින පෙරවරු 10.16ට යෙදී තිබේ.

     ඒ අනුව නැකතට පැළ රෝපණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන් ඇතුලු පාර්ලිමේන්තු නිලධාරි කණ්ඩායමට පලතුරු පැළ බෙදා දීම අද දින (02) පෙරවරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කරනු ලැබීය.

     

    ඒ අනුව පාර්ලිමේන්තුවේ මහකොමසාරිස් කුෂානි රෝහණධීර, නියෝජ්‍ය කොමසාරිස් චමින්ද කුළරත්න, වේත්‍රධාරි කුෂාන් ජයරත්න යන මහත්ම මහත්මීන්ට ද අමාත්‍යවරයා අතින් පලතුරු පැළ බෙදා දෙනු ලැබීය.

    නැකතට පැළයක්- ජාතියට හුස්ම දෙන නැකත යන තේමාව යටතේ මෙවරත් දිවයින පුරා පැළ රෝපණය කිරීමේ වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    මෙහිදි අදහස් පළ කළ අමාත්‍යවරයා මෙවර ජාතික පැළ රෝපණ නැකතේ දී ඵල දරණ කුමන හෝ පැළයක් සිටුවන ලෙසත්, ගෙවතු වගා වැඩ සටහනක් දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් සඳහන් කළේය.

    එම ගෙවතු වගා වැඩ සටහන යටතේ එළවළු හා පලතුරු පැළ මෙන්ම බීජ ද ලබා දීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

    ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවතු ලක්ෂයක් හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් ද ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya