මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග ආරක්ෂක සංසද පාසල් වල ස්ථාපිත කිරීමට පියවර

    අප්‍රේල් 02, 2024

    පාසල් මාර්ග ආරක්ෂක සංසද පිහිටවීම සහ පදක්කම් ලබාදීමේ වැඩසටහනක්  එළැඹෙන අප්‍රේල් 03වන දින සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ(01) ප්‍රකාශ කළේය.

    ප්‍රවාහන අමාත්‍යාංශයේ අද පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය

    ඒ අනුව මාර්ග ආරක්ෂක සංසද පාසල්වල ස්ථාපිත කිරීම  හා ඒ සඳහා දායක වන ප්‍රාථමික අංශවල සිට සියලුම දරුවන් හට සෑම වසරකම මීට අදාළ යම් යම් විෂය කරුණු කියාදී එකී විෂය කරුණු සාර්ථකව නිම කරනදරුවන්ට පදක්කම් පැළඳවීමට කටයුතු කරනු ලබන බව හෙතෙම මෙහිදී පැවසීය.

    එමෙන්ම උසස් පෙළ හදාරන දරුවන්ට  මේ පිළිබඳව අවශ්‍ය ප්‍රායෝගික හා න්‍යායාත්මක විෂය කරනු ලබා දී  සාර්ථකව වැඩසටහන නිම කරන දරුවන්ට " රිය නිපුණ" පදක්කම ද හිමිවන බව හෙතෙම පැවසීය.

    ඒ අනුව එම පදක්කම ලැබෙන සෑම දරුවෙකුටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලිඛිත විභාගයට සහභාගි නොවී සෘජුවම ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගි වී රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ද මෙමගින් හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

    තවද ජනාධිපති පදක්කම දක්වා කටයුතු කරන දරුවන්ට විශ්ව විද්‍යාල වරම් ලැබීමේදී අන්දරුවන්ට වඩා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් දසකස් කරන බව හෙතෙම මෙහිදී පැවසීය

    එමෙන්ම පදක්කම් ලබාදීමේදී අදාළ ගුරු මහත්ම මහත්මීන් විසින් හා කොට්ඨාස මට්ටමේ නිලධාරීන් විසින් මනා අධීක්ෂණයකින් යුතුව මෙම පදක්කම් ලබාදීම සිදුකළ යුතු වෙනවා මෙන්ම අප්‍රේල් 03 දා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා මීට අදාළ චක්‍ර ලේඛනය නිකුත් කිරීමට ද කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

    නමුත් මෙම වැඩසටහන සෑම පාසලකටම අනිවාර්යෙන් නොවන අතර මේ පිළිබඳව උනන්දුවක් දක්වන සහ හැකියාවක් සහිත පාසල් වෙත මෙම කටයුත්ත ආරම්භ කර හැකි වේ.
    ඒ අනුව එළැබන මුල් අධ්‍යාපන වාරයේ සිට මෙම කටයුත්ත ආරම්භ කෙරනු ඇත. මාර්ග ආරක්ෂක සංසඳය දැනුවත් කිරීම් කටයුතු සඳහා   RDA , මෝටර් රථ ප්‍රවාහන අධිකාරිය, පරිසර අධිකාරිය, සෞඛ්‍ය අංශ වැනි බාහිර රාජ්‍ය ආයතන ද මේ සඳහා සම්බන්ධව කටයුතු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya