මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝකයේ රටවල් මෙරට දේශීය වෛද්‍ය ක්‍රමයන් කෙරෙහි විශ්වාසය තබා එම ක්‍රමයන් ඉල්ලා සිටිනවා - දේශීය වෛද්‍ය ක්‍රමයේ ස්වර්ණමය යුගය උදා වී තිබෙනවා

    අප්‍රේල් 01, 2024

    ලෝකයේ රටවල් ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයන් කෙරෙහි විශ්වාසය තබා එම ක්‍රමයන් ඉල්ලා සිටින බවත්,ඇමරිකානු ඩොලර් බිලියන 26 ක විශාල වෙළඳපොළක් ලෝකය තුළ දේශීය වෛද්‍ය ක්‍රමය සඳහා ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී අද (01) පැවසීය.

    දේශීය වෛද්‍ය ක්‍රමයේ ස්වර්ණමය යුගය උදා වී ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ආයුර්වේද පනත සංශෝධනය සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,
    ප්‍රතිපත්තිගරුකව, රටට ආදරේ විදියට අපි මේ රටට වැඩ කරලා තිබෙනවා. මේ මව්රටට, දේශීය වෛද්‍ය ක්‍රමවලට අපි කිසි දවසක ද්‍රෝහී වෙලා නැහැ. ද්‍රෝහී වෙන්නෙත් නැහැ. ලෝකයට අපේ රටේ ලබාදිය හැකි ප්‍රධාන දේවල් දෙක වන්නේ බුදු දහම සහ ආයුර්වේදය. අපේ අනන්‍යතාව එය වෙනවා. මුළු ලෝකයම අධ්‍යාත්මික බෞද්ධ දර්ශනය ඉල්ලනවා. නමුත් අපට තවම එය කළ නොහැකිව තිබෙනවා. මුළු ලෝකයම අපේ දේශීය වෛද්‍ය ක්‍රම අගය කරනවා. ඒ දේශීය වෛද්‍ය ක්‍රමයේ විශිෂ්ටත්වය ලෝකයට දෙන්න ක්‍රමයක් අප සතුව නැහැ. වසර 75 ක පාලන කාලයට අපි බැන බැන සිටිනවා. යමක් කරන්න හැදූ විට අපේ සමාජය සාම්ප්‍රදායික දෘෂ්ටි කෝණයෙන් බලනවා. පාරම්පරික වෛද්‍යවරුන් 20,000 ක් පමණ ලියාපදිංචිව සිටිනවා. ඒ වගේම එවැනි විශාල පිරිසක් ලියාපදිංචිව නැහැ. අගමැතිවරයාගේ උපදෙස් පරිදි පාරම්පරික වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කිරීම සඳහා අමාත්‍යාංශය යටතේ වෙනම ඒකකයක් ස්ථාපිත කළා. එක් එක් පාරම්පරික වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු වෙන් වෙන්ව රැස් කරන වැඩපිළිවෙළක් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. යම් පාරම්පරික වෛද්‍යවරයෙකුට අසාධාරණයක් වෙනවා නම් පනතට අනුව ඇමැතිවරයාගේ බලතල භාවිතා කර ඔහුට සාධාරණය ඉටු කළ හැකියි. මේ රෙගුලාසි අලුතින් ඉදිරිපත් කළ ඒවා නොවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya