මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් නාස්තිය අවම කර ගැනීමට නම් ආහාර සඳහා පොල් භාවිතය පිළිබඳ නව තාක්ෂණික දැනුම ජනතාවට ලබා දිය යුතුයි - කෘෂිකර්ම ඇමති

    අප්‍රේල් 01, 2024

     ආහාරය සඳහා පොල් යොදා ගැනීමේ දී නාස්තිය අවම කර ගන්නා ආකාරය පිළිබඳ නව තාක්ෂණික දැනුම ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයට සහ  පොල් සංවර්ධන අධිකාරියටත් උපදෙස් දෙන බවද  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ , පොල් වගා කිරීමේ මණ්ඩලය ස්ථාපිත කර වසර 52ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විශේෂ වැඩ සටහනක් ඊයේ (31) මැදමුලන දක්ෂිණ ලංකා පොල් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දී පැවැත්වූ අවස්ථාවේදීය.

    ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන රට ලෙස ශ්‍රීලංකාව නම් දරා ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙබරවාරි මාසයට අදාලව මෙරට  පොල් කර්මාන්තය ආශ්‍රිතව නිෂ්පාදන අපනයනය කිරීමේ ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබෙන බවත් ඒ අනුව 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 පෙබරවාරි මාසය තුළ පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 25.17කින් වර්ධනය වී තිබෙන බවද අමාත්‍යවරයා කීය.

    ඒමෙන්ම මෙම වසරේදී පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයෙන් අපේ ආදායම පළමුවරට ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ඉපයීමේ ඉළක්කයට අපිට ළඟා වීමට හැකියාව ලැබෙන බවද අනාවැකි පළවී ඇති බවත් මේ වසරේ දී පොල් ගෙඩි මිලියන 3000ක ඉළක්කයට යාමට හැකි වෙතැයි ද පුරෝකථනය කර තිබෙන බවත් අතීතයේ දී අපේ ප්‍රධාන අපනයන බෝග ලෙස ලෙස සළකන ලද්දේ  තේ, පොල් හා රබර් පසුව එම ස්ථාන සේවා සැපයීම අංශය විසින් ලබා ගෙන තිබෙන බවත්  නමුත් දැන් නැවතත් ලෝකයේ වැඩිපුරම ආදායම් ඉපයිය හැකි වැවිලි බෝග ලෙස තේ පොල් හා රබර් කැපී පෙනෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම උත්සවය සඳහා පොල් වගාකරුවන්, ගොවීන් සහ කර්මාන්තකරුවන්  සහභාගි වුන අතර පොල් පැළ බෙදා දීම මෙන්ම කප්රුක ණය ආයෝජන වැඩ සටහන යටතේ ණය ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

    මීට සමගාමීව පාසැල් සිසුන් කේන්ද්‍ර කර ගනිමින් කප්රුක දරුවන් මෙන් සුරකිමු යන තේමාව යටතේ දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් ද ක්‍රියාත්මක විය .

    මෙහිදී අමාත්‍යවරයා අතින් පොල් පැළ මෙන්ම කප්රුක ණය ආයෝජන වැඩ සටහන යටතේ ප්‍රතිලාභීන් සඳහා ණයමුදල් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමරු උත්සවයට පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනි ආචාර්ය මාධවී හේරත් මහත්මිය හා සාමාන්‍යාධිකාරි අථිල විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya