මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 04 කට පසු තායි එයාර්වේස් ගුවන්යානයක් කටුනායකට

    අප්‍රේල් 01, 2024

    වසර හතරකට පසු තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් TG 307 දරණ ගුවන්යානය ඊයේ රාත්‍රී 11.55 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ලඟා විය.

    එය තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි අතර මෙහි තායි ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150 ක් පමණ පැමිණ සිටියහ.

    මෙම ගුවන්යානය අප්‍රේල් 01 (අද) දින පෙ.ව.7.05 ට නැවත තායිලන්තය බලා පියාසර කර ඇති අතර, සෑම දිනකම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් මෙහෙයුම් සිදු කෙරෙන බව කටුනායක ගුවන් තොටුපල බලධාරීන් පවසයි.

    මෙම ගුවන්යානය සහ සංචාරකයින් පිලිගැනීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයට පැමිණි සිටි අතර,ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම විසින් විශේෂ සංස්කෘතික නර්තන අංග කීපයක්  ද පවත්වන ලදී.

    ඉන් අනතුරුව මෙම ගුවන් යානය පැමිණීමේ අවස්ථාව සනිටුහන් කරමින් අමාත්‍යවරයා සහ තායි එයාර්වේස් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමු කපිතාන් ඔෆාඩ් සන්ක්රුන් (Ophad Sankrung) මහතා විසින්  කේක් එකක් කපන ලදී.

    මෙම අවස්ථාවට ගුවන් තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

    මෙහිදී කරණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ : 2024 වසරේ ශ්‍රි ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බවත්, පසුගිය පලමු මාස 03 තුල පමණක් ලක්ෂ 08 කට ආසන්න සංචාරකයින් ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණ ඇති බවයි. ‍

    දෛනිකව ගුවන් මෙහෙයුම් සිදු කරන මෙම තායි ගුවන් සේවයේ ආරම්භයත් සමඟ සංචාරකයින්ගේ සංඛ්‍යාව තවදුරටත් වැඩි වෙන බව අමාත්‍යවරයා ‍විශ්වාසය පල කලේය. එමෙන්ම ශ්‍රි ලාංකිකයන් වැඩි පිරිසක් සංචාරය කිරීමට කැමති තායි දේශයට සංචාරය කිරීමට ශ්‍රි ලාංකික ජනතාව පෙලඹෙන බවත් ගුවන් ටිකට් පත් වල මිලෙහි අඩු කිරීමක් සිදු කල හොත් වැඩි ආකර්ශනයක් ඇති කර ගත හැකි බවත් පැවසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya