මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මියන්මාරයේ ත්‍රස්තවාදී ප්‍ර දේශ වල රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම රජය දරනවා - රාජ්‍ය ඇමති තාරක බාලසූරිය

    අප්‍රේල් 01, 2024

    මියන්මාර් රැකියා සඳහා ගොස් සිටියදී ත්‍රස්තවාදී ප්‍ර දේශ වල රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස හැකි ඉක්මනින් බේරා ගැනීම වෙනුවෙන් ගතහැකි සියළු උත්සාහයන් දරමින් සිටින බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (01) ප්‍රකාශ කළේය.


    මෙම පිරිස බේරා ගැනීම සඳහා රජයට මැදිහත්විය හැක්කේ මියර්මාර් රාජ්‍ය සමඟ සාකච්ඡා කිරීමට පමණක් බව කී තාරක බාලසූරිය මහතා තායිලන්ත අගමැතිවරයා ලංකාවට පැමිණි විටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එලෙස රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙක් මේ වන විට නිදහස් කර තිබෙන බව සඳහන් කළේය.
    විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසූයේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස සිටින්නේ මියන්මාරයේ ත්‍රස්තවාදී පාලනයට නතුවූ ප්‍රදේශ වල බවයි.
    ශ්‍රී ලාංකිකයන් පිරිස මුදල් ගෙවා නිදහස් කර ගත යුතු නම් එසේ කිරීමට රජයට අවස්ථාවක් නොමැති බවත් කෙසේ හෝ මෙම පිරිස බේරා ගැනීම වෙනුවෙන් විවිධ ක්‍රම‍වේද ඔස්සේ උත්සාහයන් දරමින් සිටින බවද හෙතෙම පැවසීය.
    විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා වසන්ත යාපා බණ්ඩාර මහතා මතු කරන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙසේද පැවසීය.
    මෙම ශ්‍රමිකයින්ගේ පවුල් සමඟ අපි සාකච්ඡා කරමින් සිටිනවා. ගැටළුව වී තිබෙන්නේ මෙම ශ්‍රමිකයින් පිරිස සිටින්නේ ත්‍රස්තවාදි පාලන ප්‍ර දේශ වල. තායි බෝඩර් වලට ඉතාම කිට්ටුවෙන් මේ පිරිස සිටින්නේ. කිලෝමිටර් හතරක් පහක් දුරින් තමයි ඒ කඳවුරු තිබෙන්නේ. අපට මැදිහත් වීම් කරන්නට පුළුවන් වෙන්නේ මියන්මාර් රාජ්‍යයත් එක්ක. එතකොට මියන්මාර් රාජ්‍යයෙන් මෙහෙයුමක් සිදුකරලා හත් දෙනෙක් දැනට නිදහස් වී තිබෙනවා. නමුත් අනිත් අය වෙනුවෙන් මැදිහත්වීම් සිදුකරන්නට මේ ප්‍රෙද්ශ ත්‍රස්තවාදී පාලනයෙන් ගන්න වෙනවා. අපි තව දුරටත් ඒ සාකච්ඡා සිදුකරනවා. කොහොමද මේ අය පුළුවන් තරම් ඉක්මනට ගන්නේ කියලා. ඒ වගේම ඒ පවුල්වල අය සමඟත් අපි සම්බන්ධතා පවත්වනවා. අලුත් තොරතුරු ඒ පවුල් වලට අපි ලබා දෙනවා. තායිලන්ත විදේශ අමාත්‍යවරයා හමුවීමට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනිවාර්යයෙන්ම අවස්ථාව ලබා දෙනවා. මේ වෙනුවෙන් මැදිහත් විය හැකි ඉහළම ආකාරයෙන් අපි මැදිහත් වී සිටිනවා. අප්‍රකානු රටක් විතරක් නෙවෙයි පසුගිය දිනක නේපාලයේ පිරිසක්ද නිදහස් කරගෙන තිබෙනවා. මෙම නිදහස් කර ගැනීම, නිදහස් කිරීම එක් එක් විදිහට වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ සියල්ල ගැන අවධානය යොමුකර තිබෙනවා. යම් මුදල් ප්‍රමාණයක් ගෙවන්න තිබෙනවානම් එමෙහ කරන්න අපට අවස්ථාවක් නැහැ. නමුත් මාර්ග කිහිපයකින් මේ අය නිදහස් කර ගැනීම වෙනුවෙන් අපි උත්සාහයන් දරමින් සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya