මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රාථමික සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා මෙම වසරේ වැඩි අවධානය - සෞඛ්‍ය ඇමති

    අප්‍රේල් 01, 2024

    ප්‍රාථමික සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා මෙම වසරේ වැඩි අවධානය යොමු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද(01) පාර්ලිමේන්තුවේදී පැවසීය. ආයුර්වේද පනත යටතේ වූ  නියෝග කිහිපයක් පිළිබඳ විවාදයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

    මේ වන විට ඖෂධ මිලදී ගැනීමේදී හදිසි මිලදී ගැනීම් සියල්ල නතර කර තිබෙනවා. ලියාපදිංචි  කර නොමැති  ඖෂධ මිලදී ගැනීම් සිදු කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත පමණයි. අද වන විට මධ්‍යම ඖෂධ ගබඩාවේ ප්‍රධාන ඖෂධ 850න් ඖෂධ රැසක්  තිබෙනවා. නැති ඖෂධ කිහිපයක් තිබෙනවා.  එම ඖෂධ මිලදී ගැනීම සඳහා  රෝහල් වලට මුදල් ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම අක්ෂි කාච වල හිගයක් තිබෙනවා. එහි ප්‍රසම්පාදන ක්‍රියාවලිය  මේ වන විට වේගවත් කර තිබෙනවා.දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබෙනවා. පසුගිය වසර කිහිපය හා බලද්දී දරුවන්ගේ පෝෂණ  තත්වය යහපත් වී තිබෙනවා. දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඉදිරියේදී මන්දපෝෂණය  සම්බන්ධ ගැටලුව අඩු වෙනු ඇතැයිද මෙම කටයුතු  සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සෘජුව අධීක්ෂණය කරන බවද කීය.

    ඉතිහාසය පුරාම මාතෘ සංරක්ෂණය වෙනුවෙන් සුවිසේශී තැනක් මෙරටට හිමි වුවත්,  වැඩිහිට ජනගහණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පසුගාමී තත්වයක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කරන බවද කීය.

    අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආයුර්වේද පනතේ වගන්ති කිහිපය සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙම සංශෝධණ ආයුර්වේද ක්ෂේත්‍රයට දීර්ග කාලයක් තිස්සේ අවශ්‍ය වූ බවයි..

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල පිටුවහලක් ලබා දෙනවා. දේශීය ආයුර්වේද ක්ෂේත්‍රයට මෙම රෙගුලාසි ඉදිරිපත් කරන්නේ වසර 62කට පසුව. එම නිසා මෙය සුවිසේශී අවස්ථාවක්. ආයුර්වේද ඖෂධ සංග්‍රහය  ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

    දේශීය සහ විදේශීය සියලු දෙනා අතර මෙම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශාල විශ්වාසයක් තිබෙනවා.  පසුගියදා ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල විවෘත කළා. හිටපු ජර්මානු චාන්සලර් හෙල්බෘක් කෝල් මහතා මේ සඳහා අනුග්‍රහය ලබා දුන්නා.ඒ මහතා  2004 වර්ෂයේ සිට වරින් වර මෙරටට පැමිණ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්නවා.සුනාමි ව්‍යසනයට හසු වූ  මහමෝදර රෝහල වෙනුවට තමයි මෙම නව රෝහල ඉදි කර තිබෙන්නේ. එතුමා  දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අඛණ්ඩව මෙරටට පැමිණියා. මෙම සංශෝධන නිසා   දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට  නීත්‍යානුකූල භාවයක් ලැබෙනවා. ශ්‍රී ලංකාවේ ඖෂධ දේශීය වෙළෙඳපොළට ගෙන යාමට මෙය උපකාරී වෙනවා

    කොවිඩ් අර්බුදය ඇති වූ සමයේ විශිෂ්ට එන්නත්කරණ වැඩපිළිවෙළක් මෙරට ක්‍රියාත්මක වුණා.  එන්නත් ලබා නොගෙන  පාරම්පරික ඖෂධ ක්‍රම මගින් රෝගයෙන් ආරක්ෂා වූ පිරිසක්ද හිටියා. නමුත් විද්‍යාත්මකව මේ සඳහා නිසි ප්‍රචාරණයක් ලැබුණේ නැහැ. ඒ් සඳහාද අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි.

    බ්‍රිතාන්‍ය මෙරට පාලනය කරන සමයේ - 1948දී මෙරට මිනිසුන්ගේ සාමාන්‍ය ආයු කාලය වුණේ වයස අවුරුදු 42. නමුත් අද වන විට එම ආයු කාලය වැඩි වී තිබෙනවා.   කාන්තාවන්ගේ ආයු කාලය 80 දක්වා.පිරිමින්ගේ ආය කාලය  77. ඒය දියුණු රටවලට සමානවයි. ඊට හේතුව තමයි ශ්‍රී ලංකාව සතුව භෞතික යටිතල පහසුකම් රැසක් තිබෙනවා. පසුගිය ආර්ථික අර්බුදය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය යම් පසුබෑමකට ලක් වුණත් 2024 වර්ෂයේදී රුපියල් බිලියන 410ක මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබී තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya