ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසු බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු රැසක් පිරවීමට කටයුතු කරනවා - අධ්‍යාපන ඇමති

    අප්‍රේල් 01, 2024

    එළඹෙන අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසු බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු රැසක් පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(01) පාර්ලිමේන්තුවේදී පැවසීය.ගුරු විභාගයෙන් සමත් වූ 2400ක් පිරිස සඳහා මේ වන විට පත්වීම් ලබා දී ඇති බවත් ඉතිරි පිරිසට එළඹෙන අප්‍රේල් නිවාඩුවෙන් පසු පත්වීම් ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    විභාගයෙන් සමත් වූ 2400ක් සඳහා මේ වන විට පත් වීම් ලබා දී තිබෙනවා. ගුරු වර්ගය අනුව තමයි මෙම පිරිස තෝර ගෙන තිබෙන්නේ. අප්‍රෙල් නිවාඩුවෙන්  පසු ඉතිරි පිරිස බඳවාගැනීමට බස්නාහිර පළාත් සභාව  මේ වන කටයුතු කරමින් යනවා.

    උපාධිධාරින් 40,000ක් පමණ විරැකියාවෙන් පෙළෙන බවට විපක්ෂ නායකවරයා සිදු කරන චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විටත් විද්‍යාව, තාක්ෂණය වැනි විෂයයන් ඉගැන්වීම සඳහා උපාධිධාරින් 2700ක් තෝරාගෙන ඇති බවයි.  උපාධිධාරින් ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ විභාගය පවත්වා ඇති බවත්, එම විභාගයේ ප්‍රතිඵල අනුව හැකි ඉක්මිනින් බඳවා ගැනීම් සිදුකරන බවද කීය. උසාවි නියෝගය ඉවත් වූ නිසා තවත් 13,000ක් පමණ පිරිස බඳවා ගැනීමට කටයුතු කරන බවද කීය.

    වැඩබලන විදුහල්පතිවරු බඳවා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බව අධ්‍යාපන අුමාත්‍යවරයා කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya