සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිළ සංශෝධනය කෙරේ

    අප්‍රේල් 01, 2024

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

    මෙම මිළ සංශෝධනයට අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීට තීරණය කර තිබේ.එහි නව මිල රුපියල් 440කි.

    එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 386කි.

    භූමිතෙල් මිල ලීටරයක රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 245කි.

    කෙසේ වෙතත් 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් වල සහ ඔටෝ ඩීසල් වල මිලෙහි වෙනස් සිදු වී නොමැත.

    එම මිල ගණන් සංශෝධනය අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරනු ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya