මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා අද විශේෂ ආරක්ෂාව

    මාර්තු 31, 2024

    අදට යෙදී තිබෙන පාස්කු දිනය නිමිත්තෙන්, පාස්කු දේව මෙහෙයන් පවත්වනු ලබන සියළුම කිතුණු දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.අද (31)දිනයේ දේවස්ථාන සඳහා විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවද, එබැවින් මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද පොලීිය සඳහන් කරයි.

    ලංකාව පුරා පොලිස් වසම්වල පිහිටා තිබෙන කිතුණු දේවස්ථාන 1873ක පාස්කු ඉරිදා දින දේව මෙහෙයන් පවත්වන ලබන අතර ඒම දේවස්ථාන හා ආශ්‍රි ප්‍රදේශ ආවරණය වන පරිදි ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6522ක් , පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 320ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2746 දෙනෙකු යෙදවීමට කටයුතු කර තිබේ. දේව මෙහෙය අවසන් වී සියලු බැතිමතුන් සිය නිවෙස් වෙත ගමන් කෙරෙන තෙක් හෙට පස්වරුව දක්වාම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya