මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව හෙට රැස් වේ

    මාර්තු 31, 2024

    පාර්ලිමේන්තුව  හෙට සහ අනිද්දා (අප්‍රේල් 1 සහ 2)දෙදින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 22 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.  

     

    මේ අනුව හෙට(01) පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30  සිට ප.ව. 4.30 දක්වා,  2024.03.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබේ. 

    ඉන්පසු ප.ව. 4.30ට පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතක් වන  අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතව තිබේ.

               

    අනතුරුව ප.ව. 4.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.      

    2024 අප්‍රේල් මස 02 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 සිට ප.ව. 4.00 දක්වා බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2358/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, එකතු කළ අගය මත බදු පනත යටතේ අංක 2363/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත ය‍ටතේ අංක 2370/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ ඇති රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතව ඇත.

    ඉන්පසු ප.ව. 4.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.

    පාර්ලිමේන්තුව අප්‍රේල් 1 සහ 2 දෙදින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 22 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.  

     

    මේ අනුව අප්‍රේල් 1 වැනි සඳුදා පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30  සිට ප.ව. 4.30 දක්වා,  2024.03.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබේ. (මීට අදාළ යෝජනාව 2024.04.01 දිනට නියමිත අංක 14 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත්ව ඇත)

    ඉන්පසු ප.ව. 4.30ට පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතක් වන  අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතව තිබේ.

               

    අනතුරුව ප.ව. 4.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.      

    2024 අප්‍රේල් මස 02 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 සිට ප.ව. 4.00 දක්වා බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2358/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, එකතු කළ අගය මත බදු පනත යටතේ අංක 2363/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත ය‍ටතේ අංක 2370/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ ඇති රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතව ඇත.

    ඉන්පසු ප.ව. 4.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya