අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තරුණ චිත්‍රපට උළෙලට සමගාමීව පැවැත්වෙන කෙටි චිත්‍රපට තරඟය අප්‍රේල් 01දා ඇරඹේ

    මාර්තු 30, 2024

     ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන “ජාතික තරුණ චිත්‍රපට උළෙල” මෙම වසරේදීත් පැවැත් ‌වීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතා පැවසීය. පසුගියදා(28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    දෙවැනි වරටත් පැවැත්වීමට නියමිත මෙම චිත්‍රපට උළෙලට සමගාමීව  2024 අප්‍රේල් මස සිට ජාතික තරුණ කෙටි චිත්‍රපට තරඟය ආරම්භ වේ.

    එම තරඟය විවෘත,පාසල් සහ අන්තර්ජාතික යන අංශයන් තුනෙන්ම පැවැත්වෙන අතර තරඟය සඳහා කෙටි චිත්‍රපට භාරගැනීම 2024 අප්‍රේල් මස 01වැනිදා ආරම්භ වන අතර එය අවසන් වන්නේ 2024 ජූනි 30වැනිදාය. මාස තුනක කාලයක් පැවැත්වෙන එම තරඟය එළඹෙන අගෝස්තු මස සම්මාන ප්‍රදාන උත්සවයකින් අවසන් වීමට නියමිතයි.

     ශ්‍රී ලාංකීය තාරුණ්‍ය සිනමාකරණය වෙත වඩ වඩාත් යොමු කරවා ගැනීම සහ ඒ වෙතට දැනටමත් යොමු වී ඇති තරුණ තරුණියන් දිරි ගැන්වීම අරමුණු කරගෙන පවත්වන මෙම තරඟයේ මෙවර තේමාව වන්නේ “අපේ අලුත් කතා” යන්නයි.

     කෙටි චිත්‍රපට නිශ්පාදනයේදී සහ එම චිත්‍රපට තරඟය සඳහා යොමු කිරීමේදි මතුවන කලාත්මක හෝ තාක්ෂනික ඔනෑම ගැටළුවක් ජාතික තරුණ චිත්‍රපට උළෙල සංවිධායක කණ්ඩායම වෙත යොමු කල හැක. එමෙන්ම වැඩිදුර තොරතුරු දැනගැනිම සඳහා 077 790 6648 ඇමතීමෙන් සහකාර ජාතික සම්බන්ධීකාරක රුවිශාන් විමුක්ති මහතා සම්බන්ධ කර ගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya