අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක්

    මාර්තු 30, 2024

    හෙටට යෙදී තිබෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන් පවත්වනු ලබන දියළුම කිතුණු දේවස්ථාන සඳහා විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන අතර, මේ හේතුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

    ලංකාව පුරා පොලස් වසම්වල පිහිටා තිබෙන කිතුණු දේවස්ථාන 2978කින් දේවස්ථාන 2239ක දේව මෙහෙයන් පවත්වනු ලබයි. ඊයේ සිට 2024.03.31 දක්වා දේව මෙහයන් පවත්වනු ලබන දේවස්ථාන ඇතුළු දේවස්ථාන 2253ක පියතුමන්ලා සමග ඒම ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් සාකච්ඡ‌ෙ කර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මකකිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා පොලිස් නිලධාරින්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ බුද්ධි නිලධාරනීන් යොදා ගනු ලබන අතර, ත්‍රිවධ හමුදා නිලධාරින්ගේද සහාය ලබා ගැනීමට නියමිත බව පොලීසීය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya