අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ සෝලා පවර් සහිත නව නිවාස 50000ක ව්‍යාපෘතියක් අරඹනවා.- ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද

    මාර්තු 28, 2024

    උතුරු පලාතේ අඩු ආදායම්ලාභි  නිවාස නොමැති පවුල් සදහා රුපියල් ලක්ෂ 45ක් වටිනා නව නිවාස නොමිලේ ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපතිතුමන් අවසර ලබා දී ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

    ධීවර අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කිලිනොච්චියේ පැවති සංවර්ධන කමිටු රැස්වීමකදීය.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, ජනාධිපතිතුමන් බලයට පත්වීමෙන් අනතුරුව උතුරේ ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසදීම සදහා නව නිවාස 25000ක් ඉදිකිරීමට අනුමැතිය ලබාදුන් බවත්, එතුමා සමග සාකච්ඡා කිරීමෙන් පසු එම ප්‍රමාණය 50000ක් දක්වා වැඩිකර ගැනීමට තමන්ට හැකි වු අතර ඉදිකිරීමට යෝජිත නව නිවාස සදහා සෝලා පවර් සවිකිරීමටද අපේක්ෂා කරන බවයි.

    තවද රජයේ ආධාර මත ඉදිවන මෙම නිවාස ව්‍යාපෘතිය සදහා ඉඩම් හදුනාගෙන වෙන්කරදීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. මෙම නිවසක් වර්ග අඩි 750ක ප්‍රමාණයකින් යුක්තවන අතර මෙම නිවාස ප්‍රධානයන් ලෙස උතුරේ දිස්ත්‍රික්ක පහක්ම ආවරණය වන ආකාරයට ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකර ඇති අතර මේ සදහා දැනට නිවාස ඉල්ලුම්කර ඇති අය සහ අඩු ආදායම්ලාභි පවුල් මෙම ව්‍යාපෘතිය සදහා තෝරා ගැනීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

    මෙම අවස්ථාවට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් ඇතුලු ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් මෙන්ම රාජ්‍ය නිලධාරින් විශාල පිරිසක් සහභාගි විය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya