අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිත්තර, ලොකු ළූණු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අවුරුදු සමයේ අඩු මිලට ජනතාවට- වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු

    මාර්තු 28, 2024

    මෙරට වෙළෙඳපොලේ රුපියල් 70-75ක පමණ මිලකට ඉහළ යාමට තිබූ බිත්තරයක මිල, රුපියල් 40ක සීමාවේ තිබෙන පරිදි මිල අඩු වූයේ රජය බිත්තර ආනයනය කිරීම නිසා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කරන ලදී. ඔහු මේ බව සදහන් කලේ අද දින (28) වනදා වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

    ආණ්ඩුවක් පවතින්නේ වෙළෙඳපොළට මැදිහත් වී මිල පාලනය කිරීම හරහා ජනතාවට සහන සලසා දීමට බවත්, ඒ අනුව රජය ඊට මැදිහත් වූ බවත්, වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 40ට වඩා අඩුවෙන් පවතින්නේ නම් තවදුරටත් බිත්තර ආනයනය කිරීම අවශ්‍යය නොවන බව ඔහු වැඩිදුරටත් සදහන් කරන ලදී.

    එළඹෙන උත්සව සමය සඳහා කිසිදු හිඟයකින් තොරව, අඩු මිලකට එළවළු  වැනි දේශීය හා ආනයනික භාණ්ඩ ඇතුළු අනිකුත් අත්‍යාවශ්‍යය භාණ්ඩ ලබා දෙන බවද අමාත්‍යවරයා සදහන් කරන ලදී. ඉන්දියාව හා පාකිස්ථානය ළූණු  අපනයනය නතර කිරීමත් සමග චීනය වැනි රටවල් වලින් ළූණු ආනයනයට රජය යොමු වූ බවත්, විකල්ප භාවිතයක් ලෙස රෝස  නැමැති මධ්‍යම ප්‍රමාණයේ ළූණු ආනයනය සදහා රුපියල් 80ක්ව පැවැති ආනයනික බද්ද රුපියල් 10ක් දක්වා අඩු කළ බවත් අමාත්‍යවරයා සදහන් කරන ලදී.

    ඒ අනුව රතු ළූණු කිලෝවක් රුපියල් 200- 210ත් අතර මිලකට, ලොකු ළූණු කිලෝවක් රුපියල් 400-450කට හා රෝස ළූණු කිලෝවක් රුපියල් 300-325ත් අතර මිලකටත් අලෙවි වන බව අමාත්‍යවරයා සදහන් කරන ලදී.

    රජය විසින් සහල් ආනයනය බද්ද අඩු කරනු ලැබුවේ සතියක පමණ කෙටි කාලයකට බවත්, ඒ බලපත්‍ර ලබා දුන් හා මීට පෙර ආනයනය කල වරායේ තිබූ සහල් සුළු ප්‍රමාණයක් පිටතට ලබා දීමට බවත් ඉන් වෙළෙඳපොළට විශාල බලපෑමක් නොමැති බවත් අමාත්‍යවරයා සදහන් කරන ලදී.

    ඩොලරයේ අගය 300කට පමණ අඩු වී තිබෙන අතර ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම තුළ ඒ වාසියත් ඉදිරියේදී පාරිභෝගිකයාට ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya