අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    IMF ගිවිසුම සංශෝධනය කරනවා කියනවා නම් එවැනි කෙනෙකුට සති දෙකක් වත් ආණ්ඩු කරන්න ලැබෙන්නේ නෑ- ඇමති බන්දුල

    මාර්තු 26, 2024

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගෙන ඇති ස්ථිර ණය ගිවිසුම වෙනස් කරන බවට හෝ සංශෝධනය කරන කිසියම් කෙනෙකු ප්‍රකාශ කරයි නම් එවැනි පුද්ගලයෙකුට සති දෙකක්වත් ශ්‍රි ලංකාවේ ආණ්ඩුවක් කල නොහැකි බවට ජනමාධ්‍ය , ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය , කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (26) රජයේ ප්‍රවත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවට එක්වූ මාධ්‍යවේදීයෙකු ඇසු  IMF සමඟ ඇති කරගත් ගිවිසුම් වෙනස් කරන බවට  ඉදිරියේදි බලයට පත්වීමට නියමිත පුද්ගයින් පවසන අතර ඒ් සඳහා හැකියාවක් පවතිනවාද?ඒ් සඳහා කොන්දේසි ඇත්ද ? යන පැනයට පිළිතුරු දෙමිනි.

    මෙම ණය ලබා ගෙන ඇත්තේ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන්නෙත් ණය ගිවිසුම් ඇති කර ගන්නෙත් ශ්‍රි ලංකා ආණ්ඩුව වශයෙන් මිසක පුද්ගලයින් වහයෙන් නොවන බවද කී අමාත්‍යවරයා ශ්‍රි ලංකා ආණ්ඩුව යැයි කී විට පවතින ආණ්ඩු මෙන්ම ඉදිරියේදී පවත්වන ආණ්ඩුද එම වගකීම්වලට ඒ් ආකාරයෙන්ම බැදෙන බවද කීය.

    අන්තර්ජාතික නීතිරීතිවලට ගරු නොකරන හිතුවක්කාර අත්තනෝමතික තීරණ ගන්නා රටක් වුවහෝත් ඒ් රට මහා ව්‍යසනයකට ලගා වන බවද පෙන්වා දුන්නේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම දශමයකින් හෝ වෙන්ස් කළහොත් අපට ජාත්‍යන්තරව ණයවර ලිපියක් නිකුත් කලද ලෝකයේ රටවල් ඒම ණයවර ලිපිය පිළිනොගන්නා බවද කී අමාතයවරයා , ඒසේ උවහොත් අපට ඛණිජ තෙල් ,ඹෞෂධ,පොහොර ,රසායනික ද්‍රව්‍ය ,යන්ත්‍ර සූත්‍ර උපකරණ  නොලැපෙන බවද කීය.

    රටක් නම් අඩුම තරමින් ජාත්‍යන්තරව කරන ‌ගෙවීම් පියවීම් වලට හෝ ඒකඟවිය යුතු බවත් ඔනෑම පුද්ගලයෙකුට තම රට හා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇති කරගත් ගිවිසුම් සමිබන්ධයෙන් සොයා බැලීමට අවශය නම්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් පිටුවෙන් ඒම තොරතුරඅ ලබා ගත හැකි බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya