අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ඉරිදා දේවස්ථානවල ආරක්ෂාවට විශේෂ වැඩපිලිවෙලක්

    මාර්තු 26, 2024

    මහ සිකුරාදා (29) සහ (31) දිනට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පුළුල් ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතාා පැවසීය.
    සියලුම කිතුණු දේවස්ථානවලට පැමිණෙන බැතිමතුන් සහ ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරිමේ විශේෂ වැඩපිළිවෙලක්ද ඇතුළුව දේවස්ථානවල ආරක්‍ෂාව වෙනුවෙන් පුළුල් සැලසුමක් ක්‍රියාවට නගන බවද හෙතම පැවසීය.


    අද(26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ නිහාල් තල්දූව මහතාා මේ බව පැවසීය. සෑම පොලිස් වසමකම පිහිටි බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන වෙත ගොස් අවශ්‍යය සැලසුම් සම්පාදනය කිරීමට ද පොලිසිය සැලසුම් කර තිබේ. එම සැලැස්ම යටතේ බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි යම් පරීක්ෂාවන්ට ලක්කිරීම, දේවස්ථාන වෙත පැමිණෙන පුද්ගලයින් හා ගමන් මළු පරීක්ෂාවකට ලකිරීමට ආදී වැඩ පිලිවෙලක් සැලසුම් කරන ලෙස පොලිස්පති වරයා උපදෙස් ලබාදී ඇත. අවශ්‍ය නම් ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සම්බන්ධ කර ගැනීමට උපදෙස් ලබා දී තිබේ

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya