අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අක්කර 100ක පැෂන් පෘට් වගාව ආශ්‍රිතව ස්ථාපිත කළ පැෂන් පෘට් නිෂ්පාදන තාක්ෂණික ආදර්ශ උද්‍යානය විවෘත කෙර්

    මාර්තු 26, 2024

    කිලිනොච්චි අක්කරායන්කුලම් හි අක්කර 100ක පැෂන් පෘට් වගාව ආශ්‍රිතව ස්ථාපිත කළ පැෂන් පෘට් නිෂ්පාදන තාක්ෂණික ආදර්ශ උද්‍යානය හා ශ්‍රී ලංකාවේ පළමු ජම්බෝ රටකජු නිෂ්පාදන ගොවි සමාගම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සුරතින් පසුගියදා  අක්කරායන්කුළම් හි දී විවෘත විය.

     

    ගොවීන් 200 දෙනෙක් විසින් පැෂන් පෘට් වගාව ආරම්භ කර ඇති අතර එම ගොවීන්ගේ සහභාගිත්වයෙන් පැෂන් පෘට් නිෂ්පාදන ගොවි කර්මාන්ත ශාලාව ද ආරම්භ කර ඇත. අපනයනය මෙන්ම දේශීය වෙළෙඳපල ද ඉළක්ක කර ගනිමින් මෙම පැෂන් පෘට් වගාව සැලසුම් කර තිබේ. නව තාක්ෂණික ක්‍රම උපයෝගී කර ගනිමින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි ගොවීන් විසින් මෙම උද්‍යානය තුළ පැෂන් පෘට් වගා කරනු ලබයි.

     

    කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් හදුන්වාදුන් කිළිනොච්චි අක්කරායන්කුළම් හි අක්කර 100ක පැෂන් පෘට් වගාව ආශ්‍රිතව ක්‍රියාත්මක කර තිබෙන පැෂන් පෘට් නිෂ්පාදන තාක්ෂණික ආදර්ශ උද්‍යානය කටයුතු මේ වනවිට අවසන් කර ඇත.

    එමෙන්ම කිලිනොච්චියේ කරච්චි හා කන්ඩාවලයි ගම්මාන දෙකෙහි ගොවීන් 500ක් විසින් වගා කරන ජම්බෝ රටකජු ආශ්‍රිත 2K Jumbo Peanut Manufacturing (Pvt) Ltd

    නිෂ්පාදන කර්මාන්ත ශාලාව ද මෙම ව්‍යාපෘතිය යටතේ ආරම්භ විය.

    මෙම ජම්බෝ රටකජු නිෂ්පාදන ආයතනය විසින් ජම්බෝ රටකජු ආශ්‍රිත නිෂ්පාදන රැසක් සිදු කරයි. ඒ අතර ජම්බෝ පීනට්ස්, ජම්බෝ පීනට් බටර්, Fried Peanuts, Peanuts Biscuits, Raw Jumbo Peanuts, Roasted jumbo peanuts, Peanut Halva, Peanut Oil, peanut pakoda, වැනි නිෂ්පාදන රැසක් හඳුන්වා දී තිබේ.

     

    මෙහිදී ජම්බෝ රටකජු වගාව සඳහා අවශ්‍ය වන යන්ත්‍ර ද අමාත්‍යවරයා  විසින් එම ගොවි සමාගමට පිරිනමනු ලැබීය.

    මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම්මහා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා :-

    මින් වසර කිහිපයකට පෙර ජම්බෝ රටකජු අපේ රටට ඉන්දියාවේ සිට ආනයනය කළා. ඒ සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කළා. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් උසස් තත්ත්වයේ ජම්බෝ රටකජු ප්‍රභේදයක් හඳුන්වා දුන්නා. අපේ රටකජු ප්‍රභේදය රසයෙන් මෙන්ම ගුණාත්මක භාවයෙනුත් උසස්. ඒ නිසා දැන් ජම්බෝ පීනට්ස් නිෂ්පාදන සඳහා යොදා ගන්නේ අපේ රටේ නිෂ්පාදනයි.

    දැන් ජම්බෝ රටකජු ආනයනය කරන්නේ නැහැ. ඒ සඳහා වැය වූ මුළු මුදලම රට තුළ ඉතිරි කර ගන්න පුලුවන් වුනා. කිලිනොච්චියේ ගොවීන් ජම්බෝ රටකජු වගාව පුළුල් ලෙස සිදු කරනවා. නමුත් මෙම රටකජු ප්‍රභේදය අපේ රටට හඳුන්වා දුන්නේ අගුණකොලපැලැස්ස කෘෂි පර්යේෂණ ගොවිපොළ මගින්. එහි සේවය කළ ජීවනි දිද්දුගොඩ කෘෂි විද්‍යාඥවරිය තමයි මෙම ප්‍රභේදය හඳුන්වා දුන්නේ.

    එම හඳුන්වා දීම නිසා අද අපේ රටේ සිට විදේශ රටවලට ඇදී ගිය විශාල මුදලක් අපිට ඉතිරි කර ගන්න පුලුවන් වී තිබෙනවා. අපේ ඉළක්කයත් අපිට වගා කළ හැකි දේ අපේ රටේම නිපදවා ගැනීමයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya