අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීම

    මාර්තු 26, 2024

    මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීම සඳහා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    අධිවේගී මාර්ග ජාලය , අධිවේගී මාර්ග සතු ඉඩම්,අධිවේගී මාර්ග ණය (දේශිය) සහ අදාළ කාර්යමණ්ඩලය වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණ කිරීමට හැකි වන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන් කොට සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීම පිණිස 2023.06.26 දඅන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී  සහ ඒ් සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සඳහා 2024.02.05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී  අනුමැතිය ලබා දී ඇත. ඒ් අනුව , අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු 2024.04.01 සින සිට විධිමත් කළමණාකරණ ගිවිසුමක් යටතේ සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමටත් ,මාර්ග සංවර්ධන අධිකාරිය සහ සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ඒ්කාබද්ධව සිදු කරන නිතීමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් අනතුරඅව අදාළ සියලු වත්කම් මාස 06ක කාලයක් ඇතුළත සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya