අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු ජාතික වෘත්තිය පුහුණු ආයතනයේ පුහුණු පාඨමාලා සහ අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය

    මාර්තු 26, 2024

    ඔරුගොඩවත්ත ශ්‍රි ලංකා - කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනය කොරියානු අපනයන ආනයන බැංකුව විසින් සපයන ලද රුපියල් මිලියන 2900 ක මූල්‍ය ආධාරයක් යටතේ ඉදිකරනු ලැබ ඇති අතර ,එම ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන පාඨමාලා සහ ආයතනයේ දැනට පවතින පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක මුල්‍ය ප්‍රදානයක් ලබා දීමට කොරියානු අපනයන ආනයන බැංකුව විසින් එකඟතාව පළ කර තිබේ.

    මාස 16ක කාලසීමාවක් තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය යටතේ, මෝටර් රථ තාක්ෂණය,නිෂ්පාදන තාක්ෂණය - CNC ,පෑස්සුම් තාක්ෂණය ,විදුලි තාක්ෂණය,ඉලෙක්ට්‍රෝනික් තාක්ෂණය ඇතුළු සියලුම පාඨමාලාවන්වල පොදු අවශ්‍යතාවන් සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂිතය . යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස දෙපාර්ශවය අතර අත්සන් තැබීමට නියමිත කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නිතිපතිගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ හා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ එකඟතාව ලැබී තිබේ. ඒ අනුව අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya