මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 සිංහල අවුරුදු නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය

    මාර්තු 26, 2024

    රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන ලද නැකත් සීට්ටු­වට අනුව සිංහල හා දෙමළ අලුත් අවු­රුදු නැකත් චාරිත්‍ර ඉටු කරන ලෙස බුද්ධ­ශා­සන,  ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටියි. 2024 වර්ෂය සඳහා වන නැකත් සීට්ටුව සහ එය සකස් කිරීම සඳහා ප්‍රවීණ ජ්‍යෙතී­ර්වේ­දීහු 22 දෙන­කු­ගෙන් සම­න්විත කමි­ටු­වක් දායක වී ඇතැයි එම අමා­ත්‍යං­ශයේ ලේකම් සෝම­රත්න විදා­න­ප­ති­රණ මහ­තාගේ අත්ස­නින් නිකුත් කළ නිවේ­ද­න­යක දැක්වේ.

    එම නිවේ­ද­නයේ මෙසේද දක්වා තිබේ.

    1993 වර්ෂයේ සිට ප්‍රවීණ ජ්‍යෝතී­ර්වේ­දී­න්ගෙන් සම­න්විත රාජ්‍ය නැකත් කමි­ටුව රැස්වී ආදාළ වර්ෂය සඳහා නැකත් සීට්ටුව සකසා ප්‍රසි­ද්ධි­යට පත් කිරීම මෙතෙක් පැවැති සම්ප්‍ර­දාය වේ. 2024 වර්ෂ­යට අදාළ සිංහල අවු­රුදු නැකත් සීට්ටුව ද ඒ ආකා­ර­යෙන්ම සකස් කර රාජ්‍ය පරි­පා­ලන ස්වදේශ කට­යුතු පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශය විසින් 2023-10-02 දිනැ­තිව ප්‍රසිද්ධ කිරී­මට අනු­මැ­තිය ලබා දී ඇත. මෙම නැකත් සීට්ටුව සකස් කිරී­මට දායක වී එම නැකත් ශාස්ත්‍රා­නු­කූ­ලව සහ නිවැ­රදි බවට එකඟ වී මෙම කමිටු සාමා­ජි­ක­යන් විසින් ඊට අත්සන් කර ඇති අතර ඒ අත්සන් තබා ඇති ජ්‍යෝතී­ර්වේ­දි­යකු සහ තවත් සුළු පිරි­සක් සමඟ සම්බන්ධ වී මෙතෙක් පැවැති සම්ප්‍ර­දා­යික ක්‍රම­වේ­ද­යට අභි­යෝග කර­මින් නොයෙක් සමාජ මාධ්‍ය ඔස්සේ නැකත් සීට්ටුව සම්බ­න්ධ­යෙන් විරෝ­ධතා දක්වා ඇත. මෙතෙක් සමා­ප්‍ර­දා­යි­කව පැවැති ශ්‍රී ලාංකේය සංස්කෘ­තික අන­න්‍ය­තා­වට යම් හානි­කර තත්ත්ව­යක් ඇති කිරීම සඳහා මේ පිරිස කට­යුතු කරන බව පැහැ­දිලි වේ. එබැ­වින් මෙම පිරිස සිදු කරන විරෝ­ධ­තා­වන් අපගේ සංස්කෘ­තික සම්ප්‍ර­දා­යට පට­හැනි බැවින් විවිධ මති­ම­තා­න්ත­ර­ව­ලට නොරැ­වටී රාජ්‍ය නැකත් චාරිත්‍ර සිදු කරන ලෙස ජන­තා­ව­ගෙන් ඉතා කරු­ණා­වෙන් ඉල්ලා සිටිනු ලැබේ. ජී. එම්. ගුණ­පාල,  ම.ලි. සුග­ත­පාල,  චමත් කොත­ලා­වල,  එන්. බන්දු ජය­ති­ලක,  නුමින්ද ශාන්ත­සිරි ද සිල්වා,  රංජිත් ඕපාත,   සර­ත්චන්ද්‍ර බෝත­ලාගේ,  චමීර බිය­න්විල,  සංජීව කුළු­පන බණ්ඩාර,  ඊ.ඩී.එම් විජ­ය­සිරි,  පී.ඩී මල­විගේ,  ඒ.කේ.යු සර­ච්චන්ද්‍ර,  අසංක බල­පි­ටිය,  රේණුක වික්‍ර­ම­සිංහ,  විපුලි සිසිර කුමාර,  ජී.ආර්.එස්. කේ. ගම්ලත්,  එස්. බී තිල­ක­රත්න,  ආනන්ද සෙන­වි­රත්න,  ඉන්දික ඈපා සෙන­වි­රත්න,  නන්දන පී. විදු­රු­වන්,  ලෝලනී රණ­සිංහ යන ප්‍රවීණ ජ්‍යෝතී­ර්වේ­දීහු 2024 වර්ෂය සඳහා වන නැකත් සීට්ටුව සහ එය සකස් කිරීමේ කමිටු සාමා­ජි­කයෝ වෙති.

    ඒ අනුව 2024 සිංහල අවුරුදු නැකැත් සීට්ටුව පහත දැක් වේ

     

    PRESS RELEASE Ministry of Buddhasasana page 0002

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya