එමෙන්ම සංචාරකයින්ට වඩාත් සුව පහසු ආසන සහිතව දුම්රිය මාර්ගය අවට පරිසරය නිරීක්ෂණය කළ හැකි පරිදි සම්පූර්ණයෙන්ම දැව යොදා ගනිමින් තවත් මැදිරියක් නවීකරණය කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 55 ක්.
කිසිසේත්ම ධාවනයට නුසුදුසු තත්ත්වයේ පැවැති මෙම ඉපැරණි දුම්රිය මැදිරි වඩාත් ඉහළ අගයක් එක් කරමින් දේශීය දුම්රිය ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ දායකත්වයෙන් මෙලෙස නවීකරණය කර තිබීම විශේෂත්වයක්.
රත්මලාන දුම්රිය යාන්ත්‍රික උප දෙපාර්තමේන්තුව විසින් සිදු කරන දෛනික දුම්රිය නඩත්තු කටයුතු වලට අමතරව මෙම මැදිරි නිර්මාණ කටයුතු වලින් වැඩි ප්‍රමාණයක් සිදු කර තිබෙන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා තිබුණු කාලය තුළයි. ඉදිරියේදී වාණිජමය වටිනාකමක් සහිතව මෙවැනි මැදිරි නිර්මාණය සඳහා විදේශීය වශයෙන් හෝ ඇනවුමක් ලැබෙන්නේ නම් සේවා අවශ්‍යතාව මත එම කටයුතු ද සිදු කිරීමේ හැකියාව දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතී.
මෙම නවීකරණය කරන ලද මැදිරි නිරීක්ෂණය සඳහා රත්මලාන දුම්රිය යාන්ත්‍රික උප දෙපාර්තමේන්තුවේ විශේෂ නිරීක්ෂණකට එක්වු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ රට මුහුණ දී ඇති අසීරු වාතාවරණය තුළ මෙවැනි ඉවත දමා තිබූ දුම්රිය මැදිරි නවීකරණය කරමින් මෙම ආයතනය රටට සුවිශාල ආදර්ශයක් සපයා ඇති බවයි. ආයතනය සතු ඉංජිනේරු තාක්ෂණය භාවිතා කරමින් එහි තාක්ෂණ ශිල්පීන් සහ කාර්මිකයින් යොදා ගනිමින් සිදු කරන ලද මෙම නිර්මාණය විශාල ජාතික අගයක් එකතු කිරීමක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දැව යොදා ගනිමින් සුවිශේෂී සංචාරක ආකර්ෂණයක් සහිතව පිරිමැසුම්දායි ලෙස පවතින සම්පත් යොදාගනිමින් කටයුතු කිරීම රටට ආදර්ශයක් වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එළඹෙන අප්‍රේල් මස පස්වෙනිදාට යෙදෙන බදුල්ල දක්වා දුම්රියක් ධාවනය කර වසර සියයක් සපිරීමේ සංවත්සරයට සමගාමීව නව දුම්රිය දෙකක් ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවත්, ඊට සමගාමීව නානුඔය සිට උඩරට ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය සහිත දුම්රිය මාර්ගයේ කෙටි දුර ධාවනය සඳහා නැරඹුම් මැදිරි ද සහිතව විශේෂ සංචාරක දුම්රියක් ආරම්භ කිරීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ වෙනුවෙන් සිය ශක්තිය දැනුම කාලය කැප කළ සියලුම නිර්මාණ ශිල්පීන්ට ප්‍රණාමය හිමි විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
රත්මලාන දුම්රිය ප්‍රධාන යාන්ත්‍රික උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු නිශාන්ත පෙරේරා මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණය සඳහා එක්ව සිටියහ.