නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන ඉනිමට බංග්ලාදේශයෙන් අසාර්ථක ආරම්භයක්

    මාර්තු 25, 2024

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය වූ ඊයේ (24) දිනයට තරඟය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 47 ක් ලබා සිටියා.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් හා ළහිරු කුමාර හා කසුන් රාජිත එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

    දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 418 ක් ලබා ගත්තා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 510 ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 464 ක් පිටුපසින් සිටිනවා.

    පන්දුවට පහරදීමේදී දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් හා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 10‍8 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 164 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mehidy Hasan Miraz කඩුලු 4 ක් හා Taijul Islam හා Nahid Rana කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් විය.

    අද(25) තරඟයේ සිව්වැනි දිනයයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya