නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයපලමු වෛද්‍ය සිසුන් 50 ක් බඳවා ගැනේ

    මාර්තු 24, 2024

    ඌව වෙල්ලස්ස  විශ්ව විද්‍යාලයට පලමු වෛද්‍ය උපාධි අපේක්ෂකයින් 50 දෙනෙකු බඳවා ගැනීම පසුගියදා(22) සිදු කල අතර නව කාය විච්ඡේදන විද්‍යාගාරය විවෘත කිරීම සහ නේවාසික ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමද සිදු කෙරිණ.

     

    ශ්‍රි ලංකාවේ ඉදිවුණු 14 වැනි විශ්ව විද්‍යාලය බදුල්ලේ පිහිටි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය වේ.මෙම විශ්ව විද්‍යාලය සිසු දරු දැරියන්ට විවෘත වන්නේ 2005 වර්ෂයේදීය.

    එවක් පටන් මේ දක්වා විවිධ කේෂත්‍රයන්හි උපාධි පාඨමාලා 18 ක් හැදැරීමට මෙම විශ්ව විද්‍යාලය මගින් උපාධි අපේක්ෂකයින් හට අවකාශය ලබා දී ඇත.

    එහෙත් අති දුෂ්කර ඌව පලා‍තේ උසස් පෙල සමත්ව වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් දුෂ්කර ගම්මාන වල වෙසෙන සිසු දරු දැරියන්ගේ සුව පහසුව සලකා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කල යුතු බව එවක පැවති රජයට යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

    එහි ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ මාර්තු මස විශේෂ ගැසට් පත්‍රයක් මගින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තුල වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම පිලිබඳ ගැසට් නිවේදනය නිකුත් කල අතර මෙය ශ්‍රි ලංකාවේ බිහි වු 12 වන වෛද්‍ය පීඨය වේ.

    මෙම  වෛද්‍ය පීඨය බිහි වීමට සමගාමිව වෛද්‍ය පීඨ සිසුන්ගේ අධ්‍යාපනික සහ සායනික කටයුතු සඳහා බදුල්ල පලාත් මහ රෝහල ශීක්ෂණ රෝහලක් ලෙස උසස් කල අතර, රුපියල් බිලියන 03 ක     වියදමකින් දස මහල් මහාචාර්ය ඒකකයක් ඉදි කිරීමද ආරම්භ කර ඇත.

    එමෙන්ම  රුපියල් මිලියන 30 ක වියදමකින් යුතු කාය විච්ඡේදන රසායානාගාරයක්ද විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල ඉදි කර ඇත.

    මෙම නවක සිසුන් බඳවා ගැනීම නිමිත්තෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ විශේෂ උත්සවයක් පැවති අතර නිමල් සිරිපාල ද සිල්වා පදනම මගින් නවක වෛද්‍ය සිසුන් 50 දෙනා වෙත වෛද්‍ය නලාව බැගින් පරිත්‍යාග කරන ලදී.  මෙම අවස්ථාවන්ට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාපති සම්පත් අමරතුංග, ඌව විශ්ව විද්‍යාල කුලපති ‍වෛද්‍ය ජයන්ත බලවර්ධන, උපකුලපති මහාචාර්ය කෝලිත බණ්ඩාර විජේසේකර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද වෛද්‍ය සිසුන්ගේ දෙමාපියන් පිරිසක්ද සහභාගි විය.

    මෙම උත්සවයේ දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අදහස් දක්වමින් :  ඌව විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීම තමාට තිබූ එක් සිහිනයක්, එය අද සැබෑ වී තිබෙනවා . අතීතයේ සිට ඌව පලාත සමාජ අසාධාරණයට ලක්වූ පලාතක්, මගේ අරමුණ එම අසාධාරණයට ලක්වු ජනතාවට සහනයක් සලසන්න.

    තවදුරටත් කරුණු දක්වමින් : අද මේ ආරම්භ වන වෛද්‍ය පීඨයට සමගාමීව බදුල්ල රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්වෙලා තිබෙනවා, එම තත්ත්වය හේතුවෙන් මහල් දහයකින් යුතු මහාචාර්ය ඒකකයක් ඉදිවෙනවා, මෙම ඒකකය තුළ ගිලන් ඇඳන් 600 සහිත වාට්ටු සංකීර්ණයක් ස්තාපිත කරනු ලබන අතර , ජනතාවට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබෙනවා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya