නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජන්ම දිනය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහනක් පොළොන්නරුවේදී

    මාර්තු 24, 2024

    අදට(24) යෙදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සහ 2024 ග්‍රාමීය මාර්ග පුනර්ජීව වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන ආරම්භ කිරීමට සමගමීව පොළොන්නරුව ගල් විහාර පූජා භූමියේදී  උදෑසන කිරිපිඬු පූජාව සහ ආගමික වතාවත්  මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ආරාධනයෙන්, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

    පොළොන්නරුව ගල් විහාර භාරකාර කන්දකැටියේ අත්තදස්ස නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් මෙහෙයවන ලදී.

    මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා,පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා, ග්‍රාමීය මාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම්  බන්දුල රණවීර මහතා ඇතුළු මහාමාර්ග අමාත්‍යංශය, සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya