සන්නිවේදනය පිලිබඳ ප්‍රකට මහාචාර්යවරයෙකු වු චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යන අංශයේ අංශාධිපතිවරයෙකු මෙන් ම එම විශ්වවිද්‍යාලයේ ම මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිශේෂී මෙවරක් සිදුකර තිබේ. කෘතහස්ථ ලේඛකයකු ලෙස නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කතා ආදී ග්‍රන්ථ 54කට අධික ප්‍රමාණයක් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇත.
සම්මානනීය ලේඛකයෙකු ලෙසත්, ශාස්ත්‍රීය ලිපි, පුවත්පත් ලිපි, නාට්‍ය, ගීත සහ වෘතාන්තමය සහ විචාර පිළිබඳ ආදී ක්ෂේත්‍ර ගණනාවකින් ද එතුමා ඉටු කර ඇති මෙහෙවර සුවිශාල වේ.
කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලිගුරු මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, අභාවප්‍රාප්ත මහාචාර්යවරයාගේ පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කළේය.