මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂයට කාලය ලබාදුන් කතානායකවරයාට එරෙහිව අද විශ්වාසභංගයක් ගෙන ඒම කනගාටුදායක කරුණක් - ඇමති නිමල් සිරිපාල

    මාර්තු 20, 2024

    පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් බවට පත් කර ගැනීමට විපක්ෂ නායකවරයා කටයුතු කරන විටදී ඊට එරෙහිව කටයුතු කරනවා වෙනුවට විපක්ෂයට කාලය ලබාදුන් කතානායකවරයාට එරෙහිව අද විශ්වාසභංගයක් ගෙන ඒම කනගාටුදායක බව වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    පාර්ලිමේන්තු සභාව තුළ විපක්ෂයට වැඩි වේලාවක් ලබාදී කතානායකවරයා වැඩ කර ඇති බවත් එවැනි අවස්ථාවකදී කතානායවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම අනුමත කළ නොහැකි බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
    කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
    ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
    ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තීරණය කරන ලද සංශෝධන ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවීමට කතානායකවරයා අපොහොසත් වුණා කියන කාරණාවත් පදනම් වුණා මේ විශ්වාසභංගය ගෙන ඒමට. පනතක් මේ සභාවේ සම්මත කරන විට නීති නිලධාරීන්ගෙන් උපදෙස් ගන්නවා. නීතිපතිවරයට විරුද්ධව තමයි මේ විශ්වාසභංගය ගෙන ඒමට ඕන. අහක යන මුව හමකට තලනවා වෙනුවට මුවාව අල්ලා ගන්න ඕන එහෙමනම්. රට ජනතාව නොමඟ යවමින් ගෙනා යෝජනාවක් තමයි මේක. තිබෙන සම්ප්‍රදාය හා නීති අනුව උපදෙස් අනුව තමයි කතානායකවරයා වැඩ කර තිබෙන්නේ. ව්‍යවස්ථායක මණ්ඩලයේ සාමාජිකයෙක් මමත්. හතරක් පක්ෂයි. දෙන්නෙක් විපක්ෂයි. දෙන්නෙක් කිසිදු දෙයක් ප්‍රකාශ කරන්නේ නැතිව හිටියා. ව්‍යවස්ථාව පිළිබඳව අර්ථයක් දිය යුතුයි. ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. යන්න ඕන තැනට නොගිහිං මේ ගැන වෙන තැනක විවාද කළාට එය හරියන්නේ නැහැ. ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු අකර්මන්‍ය කිරීමට විපක්ෂය ගහන ගැටවලට හසුවීමට අපිට බැහැ. හැමදේටම අභියෝග කරන විපක්ෂය අධිකරණයට ගිහිං අභියෝග කරන්නකෝ. එහෙම විපක්ෂය කරන්නේ නැහැ. එයාලාට ඕන වෙන්නේ ජනතාවට පේන්න මෙතැන කෑගහන්න. මොකද මැතිවරණයක් ළඟ එන නිසා. අනුර කුමාර දිසානායක මහතාත් ලෝකයේ නැති දේවල් කතානායකවරයාට එරෙහිව මෙතැන දැන් කීවා. පසුගිය වසරේ විපක්ෂයට තිබූ විනාඩි 1250 න් 369 ක්ම කතා කරලා තිබෙන්නේ විපක්ෂ නායකවරයා. එහෙම කතා කරන්න ඉඩ දුන්නේ කතානායකවරයා. අනෙක් අයට ඉඩ නොදෙමින් විපක්ෂ නායකවරයා තමයි මේ සභාව තුළ කතා කරන්නේ. එපමණ ඉඩක් දුන් කතානායකවරයාට එරෙහිව තමයි මේ යෝජනාව ගෙනත් තිබෙන්නේ. විපක්ෂයට තමයි වැඩි කාලයක් මේ සභාව තුළ දුන්නේ. ගුණමකුවන් දැන් එතුමාට එරෙහිව යෝජනාවන් ගෙනත්. ගතානුගතික දේශපාලනය වෙනුවට යථාර්ථවාදී දේශපාලන ක්‍රමයක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. ඉදිරි මැතිවරණයේ දී එය එතුමාට අදිසි හස්තයක් ලෙස බලපෑමක් විය හැකියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya