කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වුණ ‘My Tribute’ ප්‍රසංගය සඳහා ක්‍රිස්ටෝ ප්‍රින්ස් මහතා ඩ්‍රම්ස් වාදනයෙන් ද ,නදිනි ඔලෙගසෙග්‍රෙම් මහත්මිය සහ හේමාල් කුරුවිටාරච්චි මහතා ආරාධිත ශිල්පීන් ලෙසද සහභාගි වූ අතර සෝල් සවුන්ඩ්ස් ඇකඩමියෙහි ගායනා කණ්ඩායමේ සහාය ගායනයෙන් මෙම ප්‍රසංගය රසවත් විය.
ෂෙනුක් විජේසිංහ මහතා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් සිය මූලික අධ්‍යාපනය ලබා ඇති අතර ලන්ඩනයේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකු ද වේ. කුඩා අවදියේදීම පියානෝ වාදන පුහුණුව ආරම්භ කළ ඔහු වයස අවුරුදු 5දී ගායන පුහුණුව ආරම්භ කර ඇති අතර සෞන්දරී ඩේවිඩ් රොද්‍රිගෝ මහත්මිය සහ චි හෝ මැක් මහතා යටතේ ලන්ඩනයේ ගායනය පිළිබඳ රාජකීය පාසලෙන් අධ්‍යාපනය හදාරා ඇත.
ෂෙනුක් විජේසිංහ මහතා ගායනය, වාදනය සහ රංගනය යන ක්ෂේත්රයන්හි විවිධ දස්කම් දක්වා ඇති අතර දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇගයීම් රැසකට පාත්‍ර වී ඇත.
දෙස් විදෙස් රසිකයින් රැසක් මෙම ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියහ.