මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතානායකවරයාට හැමෝම සතුටු කරවන තීරණ ගත නොහැකියි - අධිකරණ ඇමති

    මාර්තු 19, 2024

    නීතියකට අනුව ක්‍රියාත්මක වන විට කතානායකවරයාට හැමෝම සතුටු කරවන තීරණ ගත නොහැකි බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද(19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    කතානායකවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

    ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

    ශ්‍රේෂ්ඨාධිකරණය ගෙදර යවන්න ඕන කියලා  මේ පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කළ එකම පුද්ගලයා සුමන්තිරන් මහතා. තමන්ගේ වාසියට යැයි කියලා හිතලා නඩු තීන්දුවක් දුන්නාම දැන් ඇවිත් කියනවා නඩු තීන්දුවලින් පිට යන්න බැහැ කියලා. මොකද්ද මේක. පළාත් සභා සම්බන්ධයෙන් නිවැරදි පනත් කෙටුම්පත පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කර තිබුණත් ඊට පිටින් ගොස් ඔබතුමන්ලා කටයුතු කළා. පළාත් සභා මැතිවරණය සංශෝධනය කිරීමේ අවස්ථාවේ  දී තමයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝනය කිරීමක් කළේ. එහිදී විශේෂයෙන් සිටියේ සුමන්තිරන් මහතා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාව සිටියදී තමයි මේ සිද්ධිය වුණේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පිටින් ගිය නිසා අදටත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකිව තිබෙනවා. විපක්ෂය විසින් සාම්ප්‍රදායිකව ගෙනා කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවක් මේක. මම සාම්ප්‍රදායික කතාවක් මෙතැනදී කරන්නේ නැහැ. විශ්වාසභංගය සාම්ප්‍රදායික වුණාට මගේ කතාව සාම්ප්‍රදායික නැහැ. විපක්ෂයට අවශ්‍ය ඕනෑම වෙලාවක කාලය කන්න පාර්ලිමේන්තුව තුළ මේ කතානායකවරයා අවස්ථාව දෙනවා. ඒ නිසා අපට වැදගත් කතාවක් කර ගන්නවත් වෙලාවක් ගන්න බැහැ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විවේචනයට කතානායකවරයා ලක් වෙනවා.

    මොකද ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තු සභාවේ වෙලාව කතා කරන්න දෙන්නේ නැහැ. විපක්ෂයේ මන්ත්‍රීවරුනුත්  කතානායකවරයාව විවේචනයට ලක් කරනවා. විපක්ෂයට කොතරම් වෙලාවක් දුන්නත් ඔවුන් සෑහීමකට පත් වන්නේ නැහැ. එහෙම බලනකොට අපේ කතානායකවරයා ෆුට් බෝලයක් වගේ. මෙහෙන් එහෙට ගහනවා. එහෙන් මෙහෙට ගහනවා. කතානායවරයාගේ හොඳක් කියන්න කවුරුත් නැහැ. ඇයි එහෙම වෙලා තිබෙන්නේ. කතානායකවරයකුට දෙපැත්ත සනසන්න බැහැ. නීතියක් අනුව ක්‍රියාත්මක වන විට හැමෝම සතුටු වන තීරණ ගන්න බැහැ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya