ඒ අනුව තෙල් පිරිපහදුවේ යටිතල පහසුකම් සංවර්ධන කර වත්මන් බලශක්ති මෙහෙයුම් අභියෝගයන්ට මුහුණ දිය හැකි ලෙස යාවත්කාලීන කිරීම සදහා හැකියාව ඇති උපායමාර්ගික සුදුසු ආයෝජකයන්ගෙන් අභිලාෂ කැදවීමට තීරණය කර ඇත.
එමෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ඉදිරියේදී ත්‍රිකුණාමලයේ ප්‍රතිස්ථාපන කර ත්‍රිකුණාමලය තෙල් ටැංකි පරිශ්‍රයද සමග නවීන තාක්ෂණය සහ පහසුකම් සමග සංවර්ධන කිරීමට ද ඇති හැකියාව පිළිබඳව අධ්‍යනය කර එම අවශ්‍ය කටයුතු සිදු කිරීමටද තීරණය කරන ලැබුවේය.