අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරාවිද්‍යා නීතිය සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය - අධිකරණ ඇමති

    මාර්තු 19, 2024

    පුරාවිද්‍යා නීතිය සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. පුරාවිද්‍යා නීතියේ ගැටලු මතුවී ඇති බවත් එම තත්වය  අවබෝධ කොටගෙන මෙම පියවර ගෙන ඇතැයි හෙතෙම පැවසීය . පසුගිය අටවෙනි සිකුරාදා ව්නියාවෙ කොවිලක පූජාවක් කරමින් සිටි 8දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මල නාදන් මහතා මතු කළ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීය .

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා මෙසේද පැවසීය. 

    පුරාවිද්‍යා නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා පවා අත්අඩංගුවට ගෙන ඇත. පුරාවිද්‍යා නීතිය දැඩි කර ඇත මහේස්ත්‍රාත්වරයෙකුට ඒ සම්බන්ධයෙන් ඇපදිය නොහැකිය . අධිකරණයේ ඇති කටයුතුවල ට මැදිහත් විය නොහැකිය. එහෙත් මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කර උසාවියට දැනුම්දීමට ක්‍රියා කරන බව ඇමතිවරයා කිය.

    මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආගමික හා භාෂනයෙ නිදහස සියලු පුරවැසියන් ට පොදුවිය යුතුය.. එබැවින් මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණ ඇමතිවරයාගේන් ඉල්ලා සිටියේය ා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya