අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා වවුචර්පත් ලබාදීම අප්‍රෙල් මාසයේ සිට ඇරඹේ

    මාර්තු 19, 2024

    පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම ලබන අප්‍රෙල් මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එය 6 වන ශ්‍රේණියෙන් ඉහළ ළමුන් සදහා ලබාදෙනු ඇත. ඒ යටතේ ලක්ෂ 8කට අධික සිසුවියන් පිරිසකට මෙම පහසුකම සැලසෙනු ඇත. මෙ සඳහා වවුචර පත් ලබාදිම ට කටයුතු කරන බවද ඇමැතිවරයා කීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,  අධ්‍යාපන විෂය තුළ 6 වසරේ සිට 9 වසර  දක්වා විද්‍යාව සහ සෞඛ්‍ය අනිවාර්ය විෂයක් කර ඇති බවයි. පාසල් පද්ධතිය තුළ   ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් වයසට ගැළපෙන පරිදි පාසල් සිසුන් දැනුම්වත් කිරීමද සිදු වෙන බව  පෙන්වා දුන් අමාත්‍යවරයා, උසස්පෙළ සිසුන් සඳහා 16+ නමිත් අතිරේක කියවීම් පොතක්ද හඳුන්වා දී තිබේ. මෙවැනි අතිරේක පොත් මගින්  මෙම විෂය සම්බන්ධයෙන් සිසුන් දැනුම්වත් කිරීම සිදු වේ. වයස අවුරුදු 12-47ත් අතර කාන්තාවන්ගෙන් වැඩි පිරිස නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරන බවට හඳුනාගෙන ඇති බවත් ඒ අනුව 6 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට වවුචරයක් මගින් ප්‍රමිතිය සහිත සනීපාරක්ෂක තුවා මිලදීගැනීමට අවස්ථාව සලසා දෙන බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya