අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන - මාස දෙකක් කාලයක් එක් පවුලක් සඳහා මසකට සහල් කිලෝග්‍රෑම් දහයක් ලබාදීමේ වැඩසටහනක්

    මාර්තු 19, 2024

    අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. හදුනාගත් අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් මෙම වර්ෂයේදීද පසුගිය වසරේ ක්‍රියාත්මක කළ අඩුආදායම්ලාභී සහන ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට පෙනීගොස් ඇත.

    2023 වසරේ මුල් භාගයේදී සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළුව දිස්ත්‍රික්ක 25හි පවුල් මිලියන 2.74ක පමණ ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සදහා මාසයකට නාඩු සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් සදහා සහල් ලබාදීමට රජය විසින් පියවර ගන්නා ලදී. ඒ අනූව සුළු හා මධ්‍ය පරිමාණ වී මොල් හිමියන් සම්බන්ධ කරගනිමින් දිස්ත්‍රික් ලේකම්වරුන්/ දිසාපතිවරුන් හරහා අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් පමණ ආවරණය වන පරිදි එක් පවුලක් සදහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10ක් ලබාදීමේ වැඩසටහන මාස 02ක කාලයක් ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya