අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව සමය වෙනුවෙන් බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

    මාර්තු 19, 2024

    දේශීය වෙළදපොළෙහි බිත්තර මිල ස්ථාවරව පවත්වාගෙන යාම සදහා අප්‍රේල් 30 වනදා දක්වා අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට ඊයේ (18) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

    ඒ අනූව මේ වන විට බිත්තර මිලියන 18ක් පමණ ආනයනය කර ඇතැයිද, උත්සව සමයේ අවශ්‍යතා සදහා තවත් බිත්තර මිලියන 42ක් පමණ ආනයනය කළ යුතුව ඇතැයිද ගණනය කර ඇත. එම බිත්තර ප්‍රමාණය ආනයනය කිරීම සදහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දීය ආයතන වෙතින් මිල ගණන් කැදවා ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පිරිදි අදාල ප්‍රසම්පාදනයන් ප්‍රදානය කිරීම සදහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපත්තුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya