අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය මගීන්ගේ සහ රජයේ සේවකයන්ගේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට පියවර

    මාර්තු 16, 2024
    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය සමග එක්ව ක්‍රියාත්මක කරනු ලබන දුම්රිය මගීන්ගේ සහ රජයේ සේවකයන්ගේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම යටතේ ශ්‍රී ලංකාවේ පළමුවරට විද්‍යුත් ප්‍රවේශපත්‍ර සහ විද්‍යුත් දුම්රිය බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී සිදුවිය.
    මෙම නව ක්‍රමවේදය යටතේ සාමාන්‍ය දුම්රිය මගින්ට සහ සංචාරකයින්ට නව විද්‍යුත් ප්‍රවේශපත්‍ර ක්‍රමය භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය යටතේ තම ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට හැකියාව ලැබේ. එහිදී මගීන්ට දුම්රිය ප්‍රවේශපත්‍රය මාර්ගගත ක්‍රමයට වෙන්කරවා ගැනීමෙන් අනතුරුව දුරකථනය වෙත ලැබෙන QR සංකේතය සහිත විද්‍යුත් ටිකට්පත සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලෙස ගමනන්ත දක්වාම භාවිත කිරීමේ හැකියාව හිමිවෙයි. ඒ අනුව මෙතෙක් පැවති දුම්රිය ස්ථානය වෙත පැමිණ වෙන් කරවා ගත් ටිකට් පත් ලබා ගැනීමේදී මගී ජනතාව මුහුණ දුන් අපහසුතාවයන් රැසක් මෙම ක්‍රමය සමග මගහැරී  යනු ඇත.
     එමෙන්ම රජය සේවකයින් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් ලබාදෙන දුම්රිය බලපත්‍රයද මාර්ගගත ක්‍රමය යටතේ විද්‍යුත් දුම්රිය ගමන් බලපත්‍රයක් ලෙස වෙන් කර ගැනීමේ අවස්ථාව මෙම ක්‍රමය යටතේ හඳුන්වා දී තිබේ. ඒ අනුව තම කාලය ශ්‍රමය ඉතිරි කර ගනිමින් මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශපත්‍ර වෙන් කරවාගෙන  Mticketing පහසුකම සහිත ඕනෑම දුම්රිය ස්ථානයකින් තම ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීසඳහා පැය 24 පුරාම අවස්ථාව හිමිවෙයි.
     මෙම නව විද්‍යුත් ප්‍රවේශ පත්‍ර ක්‍රමය සහ විද්‍යුත් ගමන් බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීමත් සමඟ පිරිවැය අවම කරමින් මනා විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් ලෙස සංචාරකයින්ට සහ මගී ජනතාවට ඉමහත් පහසුවක් හිමිවනු ඇත. පුනර්ජීවය ලබන සංචාරක ව්‍යාපාරයට ද විශාල සහයෝගයක් ලබා දෙමින් ජාතික ආර්ථිකය ඉහළ නැංවීමටද මෙය විශේෂ මෙහෙවරක් වනු ඇත.
     ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශ ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් එච්. එම්.පී. බී හේරත් මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී ජනක අබේසිංහ මහතා,  මොබිටෙල් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ මහතා, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya