අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ග්‍රාමසේවක නිලධාරීන් 2002කට නව පත්වීම් – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත

    මාර්තු 16, 2024

    පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩ පිළිවෙල ඔස්සේ තවත් වසර දෙකක් හෝ ඉදිරියට ගමන් කිරීමට හැකි වුවහොත් බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟමින් සංවර්ධිත රටක් නිර්මාණය කළ හැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

    පසුගිය සමයේ පැවති අර්බුද අවසන් වෙමින් මේ වන විට ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ සඳහා අප අමාත්‍යාංශය ද විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් ආහාර සුරක්ෂිතතා, පෝෂණ කමිටු නිර්මාණය කිරීමට අප කටයුතු කළා. දරිද්‍රතා සහිත පවුල් ලක්ෂ විස්සක් සඳහා ඇස්වැසුම ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකළා. විමධ්‍යගත අයවැය හරහා ග්‍රාමීය සංවර්ධනය යළි නඟාසිටුවන්න ද මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

    ඒ වගේම පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාමසේවා නිලධාරීන් බඳවා ගැනීම සඳහා පසුගිය 13,14 යන දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකළා. අද (15) දිනයේ ද ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. මේ හරහා බඳවා ගන්නා ග්‍රාම නිලධාරීන් එළැඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර සේවයේ පිහිටුවීමට අප කටයුතු කරනවා.

    එමෙන්ම ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳව ඊයේ (14) දිනයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කළා. එහිදී ඔවුන් විසින් ගමන් වියදම්, කාර්යාල දීමනා සම්බන්ධයෙන් වූ යෝජනාවක් ඉදිරිපත් කළා. අප ඒ වෙනුවෙන් දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

    තවද ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රධාන ගැටලුවක්ව පවතින ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාව නිර්මාණය කර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යොමු කරනවා. කොහොම නමුත් එම ගැටලුව සම්බන්ධයෙන් ද සුබවාදී ප්‍රතිඵලයක් නොබෝ දිනකින් බලාපොරොත්තු විය හැකියි.

    ඒ වගේම පැවති ආර්ථික සහ වෙනත් අර්බුද හමුවේ ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමේ සහ සමාජයේ පැවති බෙදීම නැවත එක් කිරීම අපගේ යුතුකමක් සහ වගකීමක්ව පැවතුණා. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම විශ්වාසය ගොඩනැඟීම සිදුකළා. ඒ නිසා මේ ක්‍රමවේදය තුළ තවත් වසර දෙකක් හෝ ගමන් කිරීමට හැකි නම් බිඳවැටුණු ආර්ථිකය ගොඩනඟමින්, විනාශකාරී ව්‍යාපෘති නවතාලමින් යහපත් රටක් නිර්මාණය කළ හැකි වනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya