මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමන්ගේ නියමයෙන් රුපියල් කෝටි 50ක් ලබාදෙයි

    මාර්තු 14, 2024

    වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් කෝටි 50ක මුදලක් ලබා දීමට ගරු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ  මැතිතුමා ඊයේ (13) තීරණය කළ බව කෘෂිකර්ම  හා වැවිලි කර්මාන්ත  අමාත්‍ය  මහින්ද අමරවීර  මහතා ප්‍රකාශ කළේය.

    මේ යටතේ හෙට (15) සිට සෑම දිස්ත්‍රික්කයකම අඩු තරමින් වී ගබඩා දෙකක් බැගින් වී මිලදී ගැනීමට විවෘතව  තැබීමට නියමිතයි.

    මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 02ක මුදලක් ඉල්ලමින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළත්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ සම්බන්ධව කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. එම නිසා ගොවි භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 250ක මුදලක් ලබාගෙන එමඟින් වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් ආරම්භ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් වී මිලදී ගැනීමට කිසිදු සහයෝගයක් ලබා නොදුන් බව කී අමාත්‍යවරයා, ඊයේ ගරු ජනාධිපතිතුමා සෘජුවම මෙම කටයුත්තට සම්බන්ධ  වූ බවත්, ඒ අනුව රුපියල් කෝටි 50ක් ඒ සඳහා ලබා දීමට තීරණය කළ බවත් ප්‍රකාශ කළේය.

    තවත් ජනාධිපතිතුමන් සමඟ රජය විසින් වී මිලදී ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ බවත්, තම ඉල්ලීමට සාවධානව ඇහුම්කන් දුන් ගරු ජනාධිපතිතුමා මෙම මූල්‍ය ප්‍රතිපාදන වහාම ලබාදීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා කීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14) දින පාදුක්ක තරුණ කෘෂිකර්ම  ව්‍යවසායකත්ව  ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කරමිනි.

     

    පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති අතර, එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්.එල්. අබේරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya