මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතියේ විදුලිබලය මිලදීගැනීමේ ගිවිසුමට අත්සන් තැබේ

    මාර්තු 14, 2024

    හම්බන්තොට, ගොන්නෝරුව සෝලාර් එනර්ජි පාක් හි මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම ඊයේ සවස අත්සන් කරන ලැබුවේය.

    මෙම ව්‍යාපෘතිය දේශීය සංවර්ධකයන් සහ ආයෝජකයන් 17 දෙනෙකු එකතුව සංවර්ධනය කරන අතර මෙගාවොට් 10 බැගින් වන බලාගාර 13කින්ද, මෙගාවොට් 5 බැගින් වන බලාගාර 4කින් ද සමන්විත වේ. සමස්ථ ධාරිතාවය මෙගාවොට් 150කි.

    විදුලිබල මණ්ඩලයේ සම්මත විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම (SPPA) යටතේ නව ව්‍යාපාර ව්‍යුහයකින් ඇමරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජකකින් මෙම ව්‍යාපෘතිය සහ එයට අවශ්‍ය සම්ප්‍රේෂණ පහසුකම් හා ජාල පද්ධතිය ද ආයෝජකයන් විසින් සංවර්ධන කරනු ලැබේ.

    මෙම වසරේ මැයි මසදි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොතු වන අතර, විදුලිබලය 2025 වසරේ මැද භාගය වන විට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර , රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ විදුලිබල මන්ඩලයේ මෙන්ම සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් ද ආයෝජකයන් ද මෙම අවස්ථාවට එක්විය .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya