සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 50කට පසු වලව දකුණු ඉවුර ප්‍රධාන ඇළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඇරඹේ

    මාර්තු 14, 2024

    උඩවලව ජලාශයේ සිට ඇඹිලිපිටිය හරහා අගුණකොළපැලැස්ස දක්වා වන, වලව දකුණු ඉවුර ප්‍රධාන ඇළ, වසර පනහකට පසු පුනරුත්ථාපනය කෙරේ.

    වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) චන්ද්‍රිකා වැව ගඟේයාය කොට්ඨාසයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවාය.

    ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන අරමුදල මඟින් හිමිවන
    රුපියල් මිලියන 157 ක් ව්‍යාපෘතිය සඳහා වැය කෙරේ.
    උඩවලව සිට අගුණකොළපැලැස්ස දක්වා දිවෙන මෙම ප්‍රධාන ඇළ මාර්ගය දිගින් කිලෝමීටර් 50 ක් පමණ වේ. එයින් ඇඹිලිපිටිය දක්වා කිලෝමීටර් 16 ක් මෙලෙස, දෙවන අදියර යටතේ ප්‍රතිසංස්කරණය කිරීම ට සැලසුම් කර තිබේ.
    වසරක් ඇතුළත පුනරුත්ථාපන කටයුතු අවසන් කිරීමට නියමිත අතර මේ මඟින් චන්ද්‍රිකා වැව, මුරවැසිහේන, අගුණකොළපැලැස්ස යන මහවැලි කොට්ඨාස තුන ආවරණය කරමින් හෙක්ටයාර් 12000 ක් සඳහා යල මහ දෙකන්නයේ ම ජලය සැපයීමට හැකියාව ලැබේ.
    පුනරුත්ථාපන කටයුතු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පූර්ණ අධීක්ෂණය මත සිදුකෙරේ.
    වලව දකුණු ඉවුර ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන මහතා, මහවැලි ඉඩම් පරිහරණ සැලසුම් අධ්‍යක්ෂ ඉන්දිකා ජයවර්ධන මහත්මිය, වලව නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා ඇතුළු වාරිමාර්ග හා මහවැලි අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya