මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අභියෝග සම්බන්ධයෙන් එම ආයෝජකයන් සමග සාකච්ඡාවක්

    මාර්තු 14, 2024

    2030 වනවිට සමස්ථ විදුලිබල උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබාගැනීමේ රජයේ ප්‍රතිපත්ති සාක්ෂාත් කරගැනීම සදහා මෙගාවොට් 50කට වැඩි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති දිවයින පුරා සංවර්ධනය කිරීම වෙනුවෙන් එවකට විදුලිබල අමාත්‍යාංශය 2021 වසරේදී ආයෝජකයන්ගෙන් අභිලාෂ කැදවන ලදී.

    ඒ අනුව ව්‍යාපෘතිය යෝජනා 535ක් ලැබී තිබුණු අතර 2022 වනවිට ඉන් යෝජනා 430ක් ඇගයීමට තෝරාගෙන තිබිණ. 2022/23 වසර තුල දි මූලික ඇගයීම් කටයුතු අවසන් කර ඉන් යෝජනා 49කට සංවර්ධනය කිරීම වෙනුවන් ඇගයීම කිරීමට අනුමැතිය ලබාදෙන ලදී.

    එම ව්‍යාපෘති ආයෝජකයන් කැදවා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මන්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් අද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පවත්වන ලදී. මෙහිදී අවශ්‍ය අනුමැතින් ලබා ගැනීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ කාලරාමුව, බාහිර ආයතන වලින් ලබා ගත යුතු බලපත්‍ර සහ අනුමැතියන් හා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන අභියෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් සහ සාකච්ඡා කිරීමත් අද උදෑසන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබිණ.

    මේ අතරින් ව්‍යාපෘති කිහිපයක් දැනටමත් තාවකාලික සංවර්ධන අනුමැතිය, පරිසර අනුමැතිය, ඉඩම් අවසරයන්, රාජ්‍ය ආයතන වල අනුමැතීන් හා බලශක්ති බලපත්‍රය ලැබී ඇත.

    අනුමැතිය ලැබෙන සියළු ව්‍යාපෘති සියල්ල අවසන් කර 2030 වනවිට ජාතික පද්ධතියට මෙම විදුලිබලය ලබාගැනීම රජයේ ප්‍රතිපත්තිය වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya