මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රවීණ නිවේදක අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

    මාර්තු 14, 2024

    ප්‍රවීණ නිවේදකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ අශෝක තිලකරත්න මහතා ඊයේ (13) අභාවප්‍රාප්ත විය. මියයන විට 82 වැනි වියේ පසු වූ ඒ මහතා කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ අතර කළුබෝවිල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

    කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යාපනය හදාරා ඇත. ඉංග්‍රීසි සහන නිවේදකයකු ලෙස 1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක් වූ ඒ මහතා පසුව සිංහල සේවයේ නිවේදකයකු, නිෂ්පාදකවරයකු, ප්‍රවෘත්ති හා සජීවී විස්තර විචාරකයකු ලෙස කටයුතු කළේය.

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස ද සිංහල අංශයේ පාලකවරයකු වශයෙන් ද තනතුරු දරා තිබේ.

    දේහය බොරලැස්ගමුව මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (15) සවස 3.00ට බොරලැස්ගමුව සුසාන භූමියේදී සිදුකෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya