අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කල් ඉකුත් වූ බෙහෙත් ජනතාවට කෙසේවත් ලබාදෙන්නේ නැහැ - සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    මාර්තු 13, 2024

    කල් ඉකුත් වූ බෙහෙත් ජනතාවට කෙසේවත් ලබාදීමට කටයුතු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අදට යෙදෙන කායික රෝග දිනයට සමගාමීව මෙරට ජනතාව වෙනුවෙන් පොදුජන වෙබ් පිටුව ජනගත කිරීමේ උත්සවයේදී මාධ්‍යෙව්දියෙකු යොමුකළ පැනයට ප්‍රතිචාර දක්වමිනි.

    විශේෂයෙන්ම ඖෂධ මිලදී ගැනීමේදී විශේෂිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා 2022 සහ 2023 වසර වලදී කොවිඩ් අර්බුදයෙන් පසුව සහ ආර්ථික අර්බුදය හේතුවෙන් රටෙහි යම් පමණකට අපහසු තත්ත්වයක් පැවති බවද සදහන් කළේය.

    එමනිසා යම්කිසි හදිසි මිලදීගැනීම් කිරීමට සිදුවී නිබුණු බවද, එවැනි තත්ත්ව යටතේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ යම් නිලධාරීවරු යම් යම් පීඩන තත්ත්ව යටතේ කටයුතු කර තිබුණු බවද අවධාරණය කළේය.

    වර්තමානය වන විට මුදල් තත්ත්වය යහපත් වී ඇතැයිද, මෙම වසරේදී ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් විශේෂ මුදල් ප්‍රමාණයක් ලැබී ඇතැයිද, ප්‍රසම්පාදන ක්‍රියාවලිය යහපත් ලෙස පවත්වාගෙන යන්නේ යැයිද පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී ඉතාම හොදින් මෙම කටයුතු කරගෙන යාමට අවශ්‍ය සහයෝගය වර්තමාන නිලධාරී මහත්වරු, ලේකම්තුමා ඇතුළු සෑම දෙනෙකුගෙන්ම ලැබෙන බවද සිහිපත් කළේය.

    යම් යම් අඩුපාඩු ඖෂධ ප්‍රසම්පාදනයේ තිබුණා නම් ඒවා නිවැරදි කරගෙන ඇති බවද, වර්තමානය වන විට අත්‍යවශ්‍ය ඖෂධ කාණ්ඩ 850න් සාතිශය බහුතරයක් 820ක් 830ක් පමණ මෙරට ඇතැයිද, නැති ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් අවශ්‍ය මුදල් රෝහල් වලට ලබාදී ඇතැයිද සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.

    සෑම කෙනෙකුම ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කරන බවද, එමනිසා ඖෂධ හිගතාවය පිළිබද විශේෂ ගැටලුවක් දැනට මතුනොවන බවද පැවසූ සෞඛ්‍ය ඇමතිවරයා නැති දේවල් සම්බන්ධයෙන් අඛණ්ඩව විමසීම් සිදුකර නැති දේවල් ගෙනඒමට කටයුතු කරන බවද වැඩිදුරටත් පැවසුවේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya